හැම දෙයක්ම එකම විදියට තියෙද්දී ටික කාලෙකින් ඒ දේවල් එපා වෙනවා. ඒක මිනිසුන් වන අපේ හැටියක්. ඒ හින්දා කාලෙන් කාලේකට පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. අපිට විතරක් නෙවේ ගහ කොළ සතා සර්පයා උණත් එහෙමයි. වෙනස් වෙනවා කාලෙන් කාලෙට. අවුරුද්දක් පුරාවට 2013 කියලා දාපු අපි අද ඉදන් 2014 කියන එකට යනවා. එක අතකින් බලද්දී මේක ගණන් ගන්න බැරි තරම් පොඩි වෙනසක්. ඒත් අපි ඊට වඩා වෙනසක් ඒකෙන් දකිනවා. ඒ හින්දා මේ වෙනසට හැමෝම කැමතියි. අද දවසේ ගොඩාක් දෙනෙක් සුභ පැතුම් එකතු කරන හින්දා ඒකාකාරී ගතියකුත් ඇති. ඒත් ගොඩාක් දෙනෙක් සුභ වෙන්න කියනවා කියන්නේ ඇත්තටම සතුටු වෙන්න ඕන කාරණයක් කියලා තමයි මට නම් හිතෙන්නේ.
ගිය අවුරද්ද පුරාවට කරපු දේවල් ඇති, මේ අවුරුද්දේ දිගටම වැඩි දියුණු කරගන්න. නැති නම් සමහර දේවල් ඇති මේ අවුරුද්දේ අලුතෙන් පටන් ගන්න. ඒ වගේම මේ අවුරුද්දේ ඉදලා අයින් කරන්න. සිමා කරන්න හිතාගෙන තිබ්බ දේවල් එහෙමත් ඇති. ඒ කොයි කාට උණත් සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
මේ පාර අවුරුද්ද නම් මේ විදියට ආවේ |
අපි හැමෝම එහමයි, අවුරුද්දක් පටන් ගද්දි ඒ වගේ අරමුණු තියාගන්වා. යකාටත් එහෙමයි මේ අවුරුද්ද. සමහරක් විට මෙච්චර කාලයක් පුරාවට උණු මහන්සිය මල් දරන අවුරුද්ද මේක වෙන්නත් පුල්වුඅන්. ඒ වගේම ගිය අවුරුදේ මඟ ඇරුණු කලින් පුරුදු වෙලා තිබ්බ හොඳ දේවල් ආපහු ලංකරගන්නත් ඕන. ඒ වගේම බ්ලොග් ලෝකෙත් එක්ක එකතු වෙලා පටන් ගත්ත මේ ගමන යන්නත් ඕනනේ. මේ වගේ අනිත් අයටත් ගොඩාක් දේවල් ඇති. හදවත ඇතුලේ රිදි රිදී තියන තුවාල තව දුරටත් ඉස්සරහට ගෙනියනවාද කියලා අලුතෙන් හිතනන්නත් ඕනේ.
පොඩි හරි වෙනසක් |
ඒ හින්දා අපි අලුත් වෙමු. ලොකු දෙයකින් නෙවේ, පුංචිම පුංචි දෙයකින්. හැමෝටම සුභ පතනවා ඒ විදියට අලුත් වෙන්න ලැබේවා කියලා.
පින්තූර
http://happynewyear2014wallpapers.com කියන තැනින්
පින්තූර
http://happynewyear2014wallpapers.com කියන තැනින්
මචන් මේ 2014 උඹ වපුරපු දේවල් වල සාර්ථක පල නෙලාගන්න පුලුවන් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්තනා කරනව..
ReplyDeleteතෑන්ක්ස් බන්
Deleteඅළුත් වෙන එක හොදා පරණ වැරදි ඇත්නං තේරුම් අරන් හදාගෙනම. ඔසුනවවේ!!
ReplyDeleteවැරදි කියන්නේ අත්වැරදීම් ගොඩාක් තියනවා. ඒවා හදා ගන්න ඕනේ.
Deleteඔබට සුභම සුභ නව වසරක් වේවා යකා :)
ReplyDeleteසියලු පැතුම් ඉටු වේවා.
එසේම වේවා බන්
Deleteයක්සනියක් ලැබේවා!!!!
Deleteඑච්චරයි දැන් අඩු වෙලා තියෙන්නේ ඔන්න
Deleteයක්ෂයාගේ සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!!!
ReplyDeleteහැලප අයියාටත් එසේම වේවා
Deleteයක්ශයාටත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!
ReplyDeleteඑසේම වෙන්න ඕනේ ඔයාටත්
Deleteසිතු පැතුම් ඉටුවන ඉසුරු බර නව වසරක් වේවා!!!
ReplyDeleteඅලුත් විදිහට වගේම හරි විදිහට හිතන්න පටන් ගමු මේ අවුරුද්දේ ;)
එසේම වෙන්න ඕනේ බං
Deleteමාත් පතන්නේ ජීවිතේ වෙනසක් වෙන අවුරුද්දක් වෙන්ඩෙයි කියලා !
ReplyDeleteයකාටත් යස්සනීටත් සුබ නව වසරක් වේවා !
යක්සනියක්වත් මේ දවස් වල නෑ අපිට නම්
Deleteසුභ පැතුම් එහෙනම්
සුබම සුබ නව වසරක් වේවා ඈ ....
ReplyDeleteනදී ටත් එසේම වෙන්න ඕනේ ඈ
Deleteසුභ අළුත් අවුරුද්ද වේවා..
ReplyDeleteඑසේම වෙන්න ඕනේ දිනේෂ් අයියාටත්
Deleteඅලුත් වෙන්න හදන යකාට සුභ පැතුම් නව වසරකට :)
ReplyDeleteඑකෙන්ම සුභ පැතුම් ආ
Deleteයාම ලෝකයටත් යක්ෂයටත් සුබ නව වසරක් වේවා
ReplyDeleteඉවාන් අයියාටත් සුභ පැතුම් එහෙනම්
Deleteපැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා!
ReplyDeleteඑසේම වේවා බන්
Delete