මහා ලොකුවට අවුරුද්දයි කියලා අණබෙර ගහලා කිව්වට එදාට පස්සේ කිසිම දෙයක් ලියන්න උනේ නෑ. හැබැයි ඉතින් පහුගිය ටිකේ වෙච්ච දේවල් හැටියට මේක පැත්තට එන එක අතහැරලා දාන්න වෙලා තිබ්බේ. අවසාන වසරේ ව්‍යාපෘතිය, පර්යේෂණය කියන ඒවා දෙකේම අවසන් වාර්ථා, ඉදිරිපත් කිරීම් වලින් හෙම්බත් වෙලා තිබ්බා විතරක් නෙවේ. ඊට පස්සේ අනාගතේ ගැන හිතලා රස්සාවක් හොයාගන්නත් මහන්සි වෙන්න උණා. ඔය අතරේ සරසවියට එනවට වැඩිය කට්ටක් කාලා එකෙන් අයින් වෙන්න මහන්සි උණා. මොකද ඒ තරමට අත්සන් ගොඩක් ගහගන්න වෙලා තිබ්බා. කොහොමින් කොහොම හරි මේ මාසේ 13 වෙනි බ්‍රහස්පතින්දා තමයි යකා අවසාන වතාවට සරසවියට ශිෂ්‍යයෙක් හැටියට කැම්පස් ගියේ.
එදා අවසන් කෙරුවේ අවුරුදු 4 හමාරකට කිට්ටු වෙන්න ආපු වෙනම යුගය කියලා මතක් වෙද්දී හිතට මොකක්දෝ වගේ. පළවෙනි වතාවට රුහුණු සරසවියේ ඉංජිනේරු පීඨයට තේරිලාත් මොරටු සරසවියටම එන්න ඕනේ හින්දා විභාගේ තව පාරක් කෙරුවේ ඒ තරමටම මේක ගැන උණක් තිබ්බ හින්දා. පස්සේ කාලේක නම් ඒ තීරණය ගැන පසුතැවිලි උණත්, අයින් වෙලා යන වෙලාවේ නම් හිතුණේ එදා මොරටුම එන්න ගත්ත තීරණය වරදක් නෑ කියලා.
මේ පරණ දේවල් කියන්න කියලා හිතාගෙන නෙවේ මේක ලියන්න ගත්තේ. අලුත් විස්තර කියන්න. දැන් අලුත්ම තැනක ඉදන් අලුත් ජිවිතයක් පටන් ගන්න යන්නේ. ඒ හැටන් - නුවර එළිය මාර්ගය අලුතෙන් සකස් කරන ව්‍යාපෘතියේ සැලසුම් ඉංජිනේරුවෙක් විදියට. කොහොමත් දුර බැහැර පළාතක පළවෙනි රස්සාව කරන්න ආසාවකුත් හිතේ තිබ්බා. පුහුණු කාල සිමාවේ මහියංගණයට ගියෙත් මේ පිස්සුව හින්දාමයි. මෙතනත් කියන්න තරම් වරදක් නෑ. මහියංගනයේ චීන ජාතිකයන් එක්ක වැඩ කෙරුවා වගේ මෙහේ වැඩ කරන්න වෙලා තියෙන්නේ කොරියන් ජාතිකයන් එක්ක. මේක පළවෙනි රස්සාව විදියට සතුටු වෙන්න පුළුවන් එකක් කියලා හිතෙනවා. වටපිටාව උණත් පුදුම ලස්සනයි. ඉහල කොත්මලේ ජලාශය හින්ද ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලේ ලස්සන මැකිලා ගිහින් තියන එක හැරුණාම, පරිසරය ගැන පොඩි අඩුවක් වත් කියන්න බෑ. උදේට නැවතිලා ඉන්න තැනට පොඩ්ඩක් එහාට ගියපුවාම ශ්‍රී පාදයට උඩින් ඉර පායනවා හරි අපූරුවට පේනවා. (අපරාදේ කියන්න බෑ, මම මේක තාම දැක්කේ නෑ. කාටද පුලුවන් මේ සිතලේ නැගිටින්න. මම හොදට පොරවාගෙන නිදා ගන්නවා. මෙතන ඉන්න අයියා කෙනෙක් තමයි කිව්වේ). ඉතිං ඔහොමයි දැනට තත්ත්වය. ඉස්සරහට තව දේවල් කතා කරමු.
සමාවෙන්න ඕනේ හැමෝම, මේ දවස් ටිකේ කාගේවත් බ්ලොග් වලට යන්නත් බැරි උණා. අද ඉදන් වත් ආපහු පුරුදු විදියට පටන් ගන්න ඕනේ. ඒත් හැන්දෑවට බෝඩිමට ගියාට පස්සේ කාලා නිදා ගන්නවා ඇරුනාම වෙන දෙයක් කරන්න හිතෙන්නේ නෑ. කැම්පස් එකේදී පුරුදු වෙලා තිබ්බ නිශාචර ජීවිතය මෙහාට හරියන්නේ නෑ. අලුත් දෙයක් පුරුදු වෙන්න ඕන. ආපහු ඉක්මනින් හම්බෙමු කට්ටියම එහෙනම්.
//සරසවියට එනවට වැඩිය කට්ටක් කාලා එකෙන් අයින් වෙන්න// සිරා කතාව යකා අයියා (මෙච්චර කල් හිතන් උන්නෙ මූ මල්ලි කෙනෙක් කියල.) ඕක තව හොඳයි, උපාධිය ගන්න පුරවන්න තියන ෆෝම් තොගේ ඒ ලෙවල් පේපර් වලට වඩා අමාරුයි හලෝ.
ReplyDeleteඅලුත් ජොබට සුභපැතුම් හොඳේ....!!!
මලා බස්සි එතකොට අක්කා නෙවෙද? මම හිතාගෙන හිටියේ හෙණ වයසක ආච්චියක් කියලා.
ReplyDeleteඅලුත් රස්සාවට සුබ පැතුම්.....දැන් ඉතින් ගේම පටන් ගත්තා ඔන්න .....ති වැටෙන්නේ නැතුව දුවන එක උඹට බාරයි
ReplyDeleteබලමු බලමු ඉතින්, පුළුවන් තරමින් ට්‍රයි කරලා
Deleteජය වේවා..
ReplyDeleteබොහෝම ස්තුතියි දේශකයෝ
Deleteජයවේවා අලුත් ගමනට !!!!!
ReplyDeleteසුභ අනාගතයක් !!!! ;))
තැන්කියු තැන්කියු
Deleteසුභ පැතුම් යකා.. අලුත් ජීවිත ගමන සාර්ථක වේවා!
ReplyDeleteඔය රට වටේ වැඩ කරන්න තියන ආසාව මගෙත් නැති වෙන්නේ නැහැ, ඒත් ඉතින් අපේ ජීවිත ගමන තුල අපට පාලනය කල නොහැකි නොයෙක් නොයෙක් දේවල් නිසා අපේ ගමන් මග වෙනස් වෙනවා නේ.
රට වටේ නෙවේ තව අවුරුද්දකින් රට හැරදා යන්න හිත හදාගන්න වෙයි නේද බන් උඹට? තැන්ක්ස් බන්.
Deleteඅළුත් වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්ඩ කියලා පතනවා...
ReplyDeleteහැට් ටර්න් මරු පලාත... :)
සීතල නැතිනම් කියලා වැඩක් නෑ
Deleteගණන් ගන්න එපා යකෝ...අපි මයිනස් ටෙම්පරේචර් එකේත් කට්ට කනවා.පළවෙනි පඩියෙන් හොඳ ජම්පර්ස් ටිකක් ගන්න :D
Deleteපළවෙනි පඩිය වියදම් කරන තාලේ දැනටම සැලසුම් කරලා ඉවරයි. ජම්පර්ස් දාගන්න බැරි උණා ඒකට. ඊලඟ එකටවත් තමා එහෙනම් ගන්න වෙන්නේ
Deleteඅලුත් ජොබ් එක හොඳින් කරගෙන යන්න සුබ පතනවා,ජයම වේවා.
ReplyDeleteබොහොම ස්තුතියි හැලප තුමා
Deleteඅපි හැටන් කියල කීවට ටැමිල් අය කියන්නෙ හැට්‍ර්ටන් කියල.. ඇයි මංද...
ReplyDeleteමං හිතන්නෙ ඉංග්‍රීසියෙන් බිදෙන විදියටමද කොහෙද කතා කරන්නෙ...
ඉන්නෙ හැටන් නං එතනිං එහට්ට ගිහින් ලංකාවෙ දිගම දුම්රිය උමග බැලුවට එහෙම වරදක් නැතිවෙයි...
අලුත් රැකියාවට සුභ පැතුම්.... ජයවේවා
අපේ එකේ සුළු සේවකයෝ ගොඩාක් අය දෙමළ ජාතිකයෝ. තාම කතාවට යන්න බැරි උණා. ඒ හින්දා තාම එහෙම කියනව නම් අහු උනේ නෑ. ඉස්සරහට බලමු ඒකත්.
Deleteසුභ පැතුම් වේවා.. අනාගතය හෙමීට ඔහොම ගොඩනගා ගමු..
ReplyDeleteගොඩාක් ස්තුතියි දිනේෂ් අයියා
Deleteසුභ පැතුම් රසාව සාරතකව කරගනන් ලැබෙන්න කියල ආශිර්වාද කරනවා
ReplyDeleteබොහෝම ස්තුතියි කෝරලේ මහත්තයෝ
Deleteඅලුත් රැකියාවට සුභ පැතුම්!!!!
ReplyDelete//සරසවියට එනවට වැඩිය කට්ටක් කාලා එකෙන් අයින් වෙන්න මහන්සි උණා// සහතික ඇත්ත. ඒ ලෙවල් කාලෙ අපි කල්පනා කලේ කොහොමද කැම්පස් එකට ඇතුල් වෙන්නෙ කියල...ඇතුලට ආවට පස්සෙ කල්පනා කලේ කොහොමද එලියට එන්නෙ කියලා...
බොහෝම ස්තුතියි, ඒ කියන්නේ හැමෝටම එකම අවුල වගේ තිබිලා තියෙන්නේ
Deleteදීප්තිමත් අනාගතයකට සුබ පැතුම්!!!
ReplyDeleteතැන්ක්ස් අරු අයියා
Delete