Monday, February 11, 2013

යකා වැඩ ඇල්ලුවා

         මේ දවස් ටිකේ විශ්වවිද්‍යාලයේ නිවාඩු. ඉතින් ගෙදරට වෙලා උදේ ඉදන් රෑ වෙනකන් පරිඝනක ක්‍රීඩා වල නියැලෙන එක, චිත්‍ර පටි බලන එක වගේ දේවල් තමයි ගොඩක් කළේ. අනිත් වෙලාවල් වල ඉතිං අන්තර් ජාලයේ රවුම් ගහනවා. ඒ අතරින් ගොඩාක් වෙලාවක් ගතකෙරුවේ බ්ලොග් කියව කියව ඉන්න. අපරාදේ කියන්න බෑ දැන් නම් දවස් ගානක් ඒක දිගට බලන්න පුළුවන් විදියට වටිනා බ්ලොග් ටිකක් අපිට තියනවා. ඔය අතරේ කාලයක් හිතේ තිබ්බ අදහසක් කරන්න අත ගැහුවේ. ඒ මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න. ගොඩක් කාලයකට කලින් මේ බ්ලොග් එක හදල තිබ්බට එයින් පස්සේ මම වත් මේකට ආවේ නෑ. ඒ හින්දා ආපහු මුල ඉදන්ම වැඩේ පටන් ගත්තා.


           පටන් ගත්තට මොකද මේක ඇදගෙන යන්න නම් ලේසි වෙන්නේ නැතිවෙයි. මොකද කට්ටිය ලියලා තියන විදිය දැක්කම සැහෙන්න මහන්සියක් අරන් තියනවා නේ. ඉතිං ලියන්නන් වාලේ ලියන්නේ නැතිව මොනවා හරි ලියන්න තමයි උත්සහා දරන්නේ.
      ඊළගට ආව ගැටළුව තමයි මොකක් ගැනද දෙවියනේ ලියන්නේ කියලා. මොකද මට මහා ලොකු තාක්ෂණික දැනුමක් නෑ අනිත් අය වගේ. මොකක් හරි දෙයක් ගැන ගැට ගහලා ලියා ගත්තට ඒවා කියවන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ කියන බය තිබබා. පස්සේ අවසානෙට තමයි හිතාගත්තේ වර්ගීකරණයක් නැතිව සමාජ අත් දැකීම්, අහපු දැකපු ඒවා ගැන ලිව්වොත් හොදයි කියලා.


           මේක ඉවර කරන්න කලින් තව එක දෙයක් කියන්න ඕන. ඒ තමා මේකට මේ නම දාන්න හේතුව. ඉස්කෝලේ හත වසරේ ඉදන් අනිත් උන් මට යකා කිව්වේ මොන හෙණයක් හින්දාද කියලා මම අදවත් දන් නෑ. ඒත් ඇත්ත නම කියනවාට වඩා යකා කියන නම මට අල්ලලා ගියා. ඒ හින්දාම මේක යකාගේ අඩවිය දාන්න හිතුවත් අඩවි රාජ ඉන්න හින්දා වෙන නමක් ගන්න හිතුවා. ඒ පාර මේක යක් දෙස්සා ගල උණා.









2013-12-22 දින එකතු කරන ලදී
යකා ගොඩාක් කල් ඉදලා ලියන්න ගත්තට කට්ටිය අතරට වැඩිය ගිහින් හිටියේ නෑ. පස්සේ බලද්දී ළඟදී ආපු යකා කියලා තව සහෝදරයෙක් ඉන්නවා. පැටලීමක් වෙන එක වළක්වා ගන්න, වෙන අයගේ බ්ලොග් වල කොමෙන්ට් කිරීමේදී යකා යන්න යක්ෂයා ලෙස යොදා ගනු ලැබේ.

4 comments:

  1. දිගු ගමනකට සුබ පැතුම්!

    විභාග ජයද පතමි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කතන්දර තුමා සහයෝගයට

      Delete
  2. මෙහෙමයි යක්ෂාගමනය වුනේ ඈ.. :)

    ReplyDelete
    Replies
    1. අර බිහි දොරද මොකක්ද කියන්නේ මේකට ද කොහෙද

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න