"අහිමි කල භාෂා ප්‍රවීණතා දීමනාව වහා ලබා දෙනු"
හරියට අපි අයින් කරපු එකක් වගේනේ. අනධ්‍යන එවුන්ට අලවන්න තැන් නැතිව වගේද කැන්ටින් එකේ අලවලා තියන්නේ. ඇඩ්මින් එකෙන් තියා අපේ එකෙක්වත් එනවා කියලාද මේකට කන්න. එක අතකින් උන් කියලාත් දරු පවුල් කාරයෝ. වෙන මොනවා කියලා කරන්නද?පාඩුවේ පෝස්ටරයක් ගහලා ඉන්නවා මිසක්. ඒත් ඉතිං අපි වගේ තවත් අසරණයෙක් තමා මේක කියවන්නේ.
අසරණයි කියද්දී මතක් උණේ. බඩේ ඉන්න අහිංසකයා. උදේට පාන්පිටි ගුලියක් ගිලලා ලෙක්චර් ගියා. දැන් ඉතිං බඩගිනියි. අදත් තණකොලයි, පරිප්පුයි, කුණු මාළුයි. ශික් උදේ ඉතිරි වෙච්ච පොල් සම්බෝලේ තිබ්බත් මීට වඩා හොදයි. පොඩ්ඩක් ඩයි දාලා පාට කරලා තිබ්බාට පිරියක් ඇතුව කන්න පුලුවන්. එපාම කරපු දේ මේ වෙලාවට පෝලිමේ ඉන්න එක. පැය කාලක් විතර මේකට යනවා වේලාවකට. එතකොට ඉතිං ......
අම්මට සිරි කිව්වලු. අර කවුද බොලේ අර. ඉඟ සුඟ ගත හැකි මිටින, රියසක වැනි පුළුලු කුළ. තව මොනවාද මන්දා පැරණි කවියා කිව්වට මේ විදියේ කෙනෙක් දිහා බලාගෙන කිව්වා වෙන්න නම් බෑ. මොකද එච්චර ලොකු අවුලක් නෑ මෙයාගේ නම්. අඩුත් නැතුව වැඩත් නැතුව හරි ගානට. අපෙත් ඉතිං කල දවස හරි නොවැ. තව ටික දවසකින් මේකෙන් එලියට යනවා. තව ඔහේ ජොබ් කට්ටක් හම්බුනාමත් ඉතින් අඩුවකට තියෙන්නේ කසාදයක් විතරයි නොවැ. අපුරු කෙලි පොඩ්ඩ. හරිම පින් පාට.....
ඉදකින්වත් අපුරු කියලා කට ගන්න හම්බුණේ නෑ, මොකාද අර කඩා පාත් උණ ගොරහැඩි වලහා. අපි ඉතිං පුවක් ගහකට නැගගත් දෙබලක්. හොඳ ඇපල් ගෙඩියක් කෑවොත් කන්නේ ඉතිං පණුවෙක්.
අපිට ඔහේ තැලිච්ච පොඩි වෙච්ච ඒවා. ඔය කිව්වට පහු ගිය කාලේ එහෙම එකක් වත් සෙට් උණේ නැති එක ඇත්ත උණත් කොල්ලා හැන්ඩියා. එහා ඇදේ එකාගේ ඩෙක්ස් දෙක දාලා ඩෙනිම ගහලා බැස්සම කොහොමද ආ. යන්න ඕනේ අද හෙට කොන්ඩේ ටිකක් ලයින් එක ගහගන්න. මනෝ පාරත් එකක්ම පෝලිමේ ඉස්සරහටම ඇවිත්.
අපිට ඔහේ තැලිච්ච පොඩි වෙච්ච ඒවා. ඔය කිව්වට පහු ගිය කාලේ එහෙම එකක් වත් සෙට් උණේ නැති එක ඇත්ත උණත් කොල්ලා හැන්ඩියා. එහා ඇදේ එකාගේ ඩෙක්ස් දෙක දාලා ඩෙනිම ගහලා බැස්සම කොහොමද ආ. යන්න ඕනේ අද හෙට කොන්ඩේ ටිකක් ලයින් එක ගහගන්න. මනෝ පාරත් එකක්ම පෝලිමේ ඉස්සරහටම ඇවිත්.
"අයියේ ෆුල් එකක්"
ෆුල් එකක් ගත්තාට කන්න බෑ. කටවල් දෙකෙන් කෑම එක අප්පිරියා වෙනවා. ඊට පස්සේ බඩගිනි නෑ. ගත්තාට අපරාදේ හින්දා කනවා මිසක්. කොන්ෆියුසස් තුමාද මන්දා කියලා තියනවා ලු මිනිහෙක් උණාම පොතක් ලියන්න ඕනේ, පුතෙක් හදන්න ඕනේ. තව ගහක් හදන්න ඕනේ. ඒත් අපේ එවුන් ඕක කියන්නේ කැම්පස් ආවා නම් ඇතුලෙන් කෑල්ලක් දා ගන්න ඕනේ, අඩුවක් කන්න ඕනේ. එතකොට සබ්ජෙක්ට් එකකට ඇණයක් ගන්න ඕනේ කියලා. අපරාදේ මේක කියලා තියන්නේ මොරටුවේ එකෙක් නෙවෙයි. මොකද මේක ඇතුලේ 8 ට 1 අනුපාතය තියෙද්දී ඇතුලෙන් කෙල්ලක් දාගන්න පුළුවන් යැ. ඇණයක් ගන්නවා කියන එක නම් මහා ලොකු දෙයක් නෑ. ඒක ප්ලස් එකක් ගන්නවා කියන එකද මන්දා මුන් මාරු කරගෙන ඉන්නේ. ඊලඟට ඉතිං අඩුවක් කන එක. කෑම එක රහට තියෙද්දී නම් ඉතිං අඩුවක් කන එක මහා ලොකු දෙයක් නෙවේ උණාට මේ වගේ කෑම එකක් කන කොටනම් ඒක ඇත්තටම අභියෝගයක්. මනෝ පාරක් දාදා කද්දී හොදම දේ වෙලාව යනවා දැනෙන්නේ නෑ. කන්න බැරි බත් එක උණත් බඩට යනවා.
ඒ පාර ෆෝන් එකට මැසේජ් එකක්. අපිට කොහෙන්ද ඉතිං බූල් බල්ලෝ. එව්වොත් එක්කෝ මොබිටෙල් එකෙන්. නැතිනම් අපේ බැජ් රෙපා. ආයේ මොනවාද
"Today Evening lecture was canceled"
ඔන්න මේවා තමයි ඉතිං සුභ ආරංචි. රූම් එකට ගිහිල්ලා දෙයියනේ කියලා රෙදි ටික හෝදලා දාන්න ඕනේ. මේ ඩෙනිම ට නම් වැඩිය කල් නෑ. තාම සති දෙකයි. ඒත් ඉතිං වෙලාවක් අහු උන ගමන් හේදුවේ නැති නම් ආයේ කවදා හෝදන්න වෙයිද දන්නේ නෑ.
තව මැසේජ් එකක්.
තව මැසේජ් එකක්.
"අඩෝ යමන් මැච් එකක් ගහන්න"
ඔය ඒ පාර අපේ එවුන්ට පිස්සු. ගහපන්කෝ මේ අව්වේ ක්‍රිකට්. රෙදි ටික හෝදලා දාලා නාගෙන එහෙම පැයක් දෙකක් පොඩි ඇලට් එකක් ගහනවා කියන්නේ ඉතිං ආයේ වැඩක් නෑ. මුන්ට ඒකෙ ආතල් එක තේරෙන්නේ නැති හැටි.
"මට බෑ බන් අද. ඇඟට හරි නෑ. උඹලා ගහපල්ලා"
ප/ලි
අයින් වෙන්න ලං උණාම මේ විදියේ මතක කොහේ හරි ලියන්න හිතෙනවා. බහුතරයක් කැම්පස් කොල්ලෙක්ගේ ජිවිතේ මේ විදියට තමයි ගෙවෙන්නේ. මේ ඒකෙන් අංශු මාත්‍රයක්. ඒ ජිවිතේට සඳහටම සමුදෙන්න කලින් ලියලා දැම්මා.