Tuesday, January 21, 2014

වංගුවෙන් එහා

And there was always the bend in the road!
ඔව් පාරක් දිගේ යනකොට ගොඩාක් වෙලාවට ඉස්සරහින් වංගුවක් හම්බෙන්න පුළුවන්. එතනින් එහාට පාරේ තියෙන්නේ මොනවාද කියලා දැන්ම කියන්න බෑ. ගිහිල්ලාම බලන්න වෙනවා. අපි කැමති උණත් අකැමති උණත් වංගුවක තියන අපුර්වත්වය ඒකයි. දුරක ඉදන් මොන විදියට හිතුවත් එතනින් එහාට තියෙන්නේ මොනවාද කියලා දැනගන්න යන්නම වෙනවා.


මේ ලස්සන වාක්‍යය, ඒ කියන්නේ ඔය උඩින්ම ලියලා තියන එක මම කියෙව්වේ ලුසී මෝඩ් මොන්ටිගෝමරි ලේඛිකාවගේ "Anne of the Green Gables" කියන පොතෙන්. ප්‍රේමසිරි මාහිංගොඩ ශුරින් පරිවර්තනය කරපු අරඹේ ගෙදර ඈන් පොත මේ වෙද්දී දහපාරකට වඩා කියවලා ඇති. ඒත් හැමදාම මෙතනදී මම ත් ඈන් එක්ක නතරවෙලා බලනවා වංගුවෙන් එහා මොනවාද තියන්නේ කියලා.
අපි හැමෝටම එහෙමයි. එකම විදියට ගිය ගමන වෙනස් වෙන තැනක් එනවා. අපි දන්නේ මෙතනින් එහාට වෙනස් වෙනවා කියලා විතරයි. ඒත් ඒ කොහොමද කියලා දන්නේ නෑ. ඇත්තටම එකම විදියට ගෙවෙන ජීවිතය පොඩ්ඩක් හරි වෙනස් වෙන්න මේ විදියට වංගුවක් තියෙන්න ඕනේ.
අවුරුදු හතර හමාරක් පුරා එකම විදියට ඇවිදගෙන ගිය පාරේ ඉස්සරින් වංගුවක් තියනවා. එතනින් එහාට මොනවා වෙයිද දන්නේ නෑ. හැබයි මේ ගිය ගමන ට වෙනස් වෙයි කියලා නම් හොඳටම දන්නවා. මේ යන්නේ කැම්පස් ජිවිතයේ දේශන වලට යන අවසාන සතිය. මෙතනින් එහාට ආයේ දේශන ශාලාවක ඉදලා ඉගෙන ගන්න වෙන්නේ නැතිවෙයි. මුල්ලක් අල්ලාගෙන හොඳට නිදා ගන්න, ළඟ ඉන්න එකාත් එක්ක පච හෑල්ලක් කියවන්න, මෙලෝ දෙයක් තේරෙන්නේ නැති ලෙක්චර් එක දිහා කට ඇරගෙන බලන් ඉන්න ආයේ වෙන්නේ නෑ. ඒක ඉවරටෙම ඉවරයි. ඊලඟට තියන්නේ අවසන් විභාගේ ඉවරවෙලා වෙනමම ලෝකයකට පිය නගන්න. ඒකයි මම කිව්වේ මෙතනින් එහාට පාරේ තියෙන්නේ වංගුවක් කියලා. පහුකරගෙන ආපු කොටස නැතුව යන එක දුකයි උණත් ඉස්සරහට යන්න නම් වංගුවෙන් එහාට යන්න වෙනවා. සමහරක් විට වංගුවෙන් එහා තවත් ලස්සන ඇති. කවුද දන්නේ? ගිහිල්ලාම බලන්න වෙනවා.

22 comments:

  1. හ්ම්ම්ම්....... ලෝකෙ වෙනස් වෙන්න ඕනෙ.. මිනිස්සු වයසට යන්න ඕනෙ. ඒත් මේ වංගුවෙන් එහාට යන්න බැහැ කිය කියා දෙපා හඬන තරම්...

    ReplyDelete
    Replies
    1. මෙච්චර දවසක් මෙතනින් එහාට යන්න ඕන වෙලා තිබ්බේ. ඒත් දැන් අවුල් වගේ

      Delete
  2. වංග්වෙන් එහා තියෙන්නෙත් ලෝකයම තමා බං.. පොත මං කියවලා නෑ..

    ReplyDelete
    Replies
    1. ඒත් මේකට වඩා වෙනස් වෙන්න පුළුවන් නේ දේශක යෝ

      Delete
  3. යක්ෂයා අපි පොඩි කාලේ පලමු වසරට භාර දෙන කොට අපේ උන් ගොඩක් උන් ඇඩුවා ගෙදර යන්න ඕන කියලා ,ඊට පස්සෙ සා/පෙ කොරලා වෙනත් වෙනත් දිසාවලට යන්න වුණා සමහරු එතකොටත් ඇඩුවා ඕටෝ පිරෙන්න ලිව්වා,ඊට පස්සෙ උ/පෙ වලත් ඔය ටිකම තමයි , ඇඬුවා වැලපුණා ,ජිවිතේ කියන්න ඔය දෙවල් තමයි බන් අපි එ දෙවල් වලින් පැනලා යන්න බෑ ,ඒ දේවල් ගැන ගැන හිතමින් එක තැන ඉන්නත් බෑ ,


    වංගුවෙන් එහා සමහර වෙලාවට කන්දක් නගින්න අරම්භයක් ද දන්නෙ නෑ ,කොම වුණත් අපිට මේ දෙවල් වලින් පැණලා යන්න බෑ ,ජිවිතෙම කියන්නෙ ඔය දෙවල් වලට මුහුණ දෙන එක තමා ......

    ReplyDelete
    Replies
    1. හිතේ නම් භයක් නෑ බන්. ඒත් දැන් තියන පරිසරය දාලා යන්න දුකයි. කියලා තියන අවස්ථා වල දුක් උනත් මෙතන දී සේරටම වඩා අවුල් ද මන්දා.

      Delete
  4. ඔය පොත කියවලා නෑ... කියලා තියෙන විදිහට නං හොඳ පොතක් වාගේ.
    වංගුවෙන් එහාටත් ලොකු වෙනසක් අත්දකින්න නම් ලැබෙන්නේ නෑ මම හිතන විදිහට.

    ReplyDelete
    Replies
    1. පොත නම් හොදයි ඇත්තටම. පොත් 6ක්ම තියනවා.
      කියන්න බෑ. දැනට තියන විදියට නම් වෙනස් වෙයි වගේ ටිකක්.

      Delete
  5. මමත් මීට ටික කාලෙකට කලින් ඔය වංගුව ගාවට ආවා. එතනදි මාත් කල්පනා කලේ මෙතනින් එහාට ජීවිතේ මොනවගේ වෙයිද කියල. ඒ ගැන පෝස්ට් පවා මම බ්ලොග් එකේ දැම්මා. දැන් ආපහු හැරිලා බලද්දි හිතෙනවා ඒ වංගුවට එනකන් පාර සෑහෙන්න පැහැදිළි වගේම ලේසි එකක් කියල. ඒත් වංගුවෙන් එහාට ගොඩක් වෙලාවට ඉස්සරහට යන පාර අපිටම හදාගන්න වෙනවා

    ReplyDelete
  6. වංගුවෙන් එහා තියෙන ලෝකය කටුකයි. හැබැයි සාමාන්‍ය දැනීම තියෙන කෙනෙකුට ඒ ලෝකය එච්චර අමාරු නෑ. දේශනා ශාලාව ඇතුලේ තිබ්බ ඒවායෙන් විතරක්ඒ ලෝකෙට මුහුණ දෙන්න ගියොත් නම් පරාදයි තමා

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තියන අය කියන දේවල් ඉතිං පිළිගන්න වෙනවා. හිතුවේ මෙතනින් එහාට කරදරේ ඉවරයි කියලා.

      Delete
  7. පොත් ගැනනම් ඉතින් මම මුකුත් නොකියමි..

    වංගුවෙන් එහා ලෝකයෙත් මුහුණු වර විතරක් වෙනස් වේවි.. නැත්නම් ඉතින් ඒ තියෙන්නෙත් මේ අපි දකින ලෝකයම තමයි..

    ReplyDelete
    Replies
    1. අර මොකෝ පොත් ගැන කතා කරන්නේ නැත්තේ?

      Delete
  8. //කවුද දන්නේ? ගිහිල්ලාම බලන්න වෙනවා.// හ්ම්ම්....

    ReplyDelete
    Replies
    1. ඒකනේ ගිහිල්ලා බලන්නම වෙනවා

      Delete
  9. ඇත්ත යකා,
    ඒ සුන්දර සිව් වසර ඉස්සරහ වන්ගුවෙන් හැරුනට පස්සෙ ටිකෙන් ටික නොපෙනිලා යාවි..

    ReplyDelete
    Replies
    1. සිරා බන්. දැන්නම් පොඩ්ඩක් අවුල් තමයි

      Delete
  10. ඉස්සෙලාම හරියට වංගුව අරගෙන ඉමු.. ඊට පස්සේ එතනින් එහාට යමු .. සමහරවිට තව වංගු 17ක් තියෙන්නත් බැරි කමක් නෑ..

    ReplyDelete
  11. පලවෙනි වංගුව ගණන් එක තමයි අමාරුම වැඩේ ඊට පස්සේ 18 වන්ගුවම නවන තාලේ ගැන දැනීමක් එන්නේ පලවෙනි වංගුවෙන්

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ භය වෙලා ඉන්නේ පලවෙනි එක ගාව

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න