අපි ඉතිං කැම්පස් හොස්ටල් එකේ ඉද්දි වගේ වගක් නැතුව දොරවල් ඇරලා දාලා තමයි ඉන්නේ. රෑට නිදා ගන්න යද්දී උණත් දොරක් වහන්නේ නෑ ලේසියකට. ඒත් මේ ටික දවසක ඉදන් හොරකම් කිහිපයක් සිද්ධ වෙන්න ගත්තා ළඟ පාත කාමර වල. පර්ස් වල තිබ්බ සල්ලි තමයි අරන් ගිහින් තිබ්බේ. ඒ මදිවට කැන්ටින් එකේ තිබ්බ ටීවී එකත් ජනවාරි පළවෙනිදා ලබන වෙලාවට ද කොහෙද එකෙක් උස්සලා. ඒ හින්දම රෑට නිදා ගන්න කලින් දොරවල් වහගෙන නිදා ගන්න ඕනේ කියන තැනට කාමරේ ඉන්න සේරම ටික කතා උණා. බ්ලොග් එක පැත්තේ රවුමක් දාලා, ෆිල්ම් එකක් දෙකක් බලලා නිදා ගද්දි මහා රෑ දෙක විතර වෙන හින්දා යකාට තමයි හැමදාම දොර වහන වැඩේ භාර වෙන්නේ. දැන් මේ කියන්න හදන්නේ ඒ වැඩේ භාර දුන්නට පස්සේ සිද්ධ වුණු දෙයක් ගැන.
වැඩ සේරම ඉවර කරලා දොර එහෙම වහලා දාලා ඇවිත් ඇඳට නැගලා දැල දා ගත්තාට පස්සේ ඔන්න හිතෙනවා අඩේ මම දොර වැහුවා ද කියලා. කිව්වාට විශ්වාස කරන්න මේක ආයේ නවත්තන්නම බෑ. ඉතිං ආපහු බැහලා - මම ඉන්නේ අර තට්ටු ඇදන් දෙකක උඩ ඇදේ - ගිහින් බලනවා දොර වහලා ද කියලා. මේක දවසක් දෙකක් විතරක් නෙවේ කිහිප සැරයක්ම උණා. ඒ අස්සේ ම තමයි දවස් දෙක තුනක් යතුර කාමරේ අමතක වෙලා ආවේ - එහෙම අමතක උණු දවසක දීපු වික්‍රමාන්විත වැඩක් ගැන ලියන්නත් හිතේ තියනවා ළඟදීම - එහෙම දවසට අනිත් උන් දෙන්නගෙන් කවුරු හරි එනකල් ඉන්න වෙනවා දොර ඇරගන්න. ඒ වගේම ආයේ දවසක දෙකක දී පර්ස් එක අමතක කරලා ඇතුළට යනවා. ගේට්ටුව ගාව ඉන්න ආරක්ෂක නිලධාරියෝ මතක් කරපුවාම - ID එක පෙන්නලා යන්න එපාය. එතකොට තමයි දන්නේ පර්ස් එක නෑ කියලා - ඇවිත් අරගෙන යන වෙලාවල් එහෙමත් තියනවා.
මේ හින්දා යකාට පොඩ්ඩක් භය හිතුණා මේක ලෙඩක් ද කියලා. ඒත් අවුරුදු 4ක් තිස්සේ ඉගෙන ගත්ත කිසිම දෙයක් මතක නැති වෙන්න පුළුවන් නම් මේක ඒ හැටි දෙයක් නෙවේ කියලත් යකාට හිතුණා. අනික අන්තර් ජාලයේ හොයලා බැලුවත් මැත්ස් කරපු අසරණ අපි වගේ අයට තේරුම් ගන්න අමාරු විදියට තමයි ඒවා තියෙන්නේ. සෑහෙන්න අමාරු උණා මේක බේරුමක් කරගන්න.
දැන් මට තියන ගැටළුව තමයි මේ විදියට පොඩි පොඩි දේවල් අමතක වෙන එක, දොර වහලාද කියලා බලන එක ලෙඩක් ද නැද්ද කියලා. ඒකට හරියටම ගැලපෙන පිළිතුරක් හොයා ගන්න බැරි උණත්; ආසන්නව සමාන රෝගී තත්ත්වයන් දෙකක් ගැන තොරතුරු හම්බුනා. එකක් තමයි අමතකවනසුළු භාවය (Forgetfulness) කියන එක සහ චිත්ත වික්ෂේප (Dementia) යටතට වර්ගීකරණය වන අල්ශ්යිමර්ගේ රෝගය (Alzheimer’s Disease) කියන රෝගී තත්ත්ව දෙක.
මේකෙන් අමතකවනසුළු භාවය ගොඩාක් වෙලාවට වයසට යෑමත් එක්ක හැදෙන එකක්. අපේ සීයාලා ආච්චිලා වයසට යද්දී සමහරක් දේවල් අමතක වෙන්නේ මේ හේතුව හින්දා කියලා තමයි කියන්නේ. ඒත් අධික ආතතිය, නිරන්තරයෙන් නිදි මැරීම - මේක ඇහුවට පස්සේ නම් ඇඟ සීතල උණා. හැමදාම නිදා ගන්නේ 2 ට විතරනේ - පෝෂණ ඌණතා වගේ වෙනත් හේතු හින්දා ත් මේක හැදෙන්න පුළුවන්. පොඩි පොඩි දේවල් තිබ්බ තැන හොයා ගන්න බැරි වීම, අලුත් දෙයක් ඉගෙන ගන්න ගොඩක් කාලයක් ගැනීම, සමහර වචන අමතක වීම වගේ දේවල් තමයි මේකේ ලක්ෂණ. ඉතිං මේක මහා ලොකු භයානක ලෙඩක් නෙවේ කියලා කියන්නේ. මේක මඟ අරවා ගන්න පුළුවන් පොඩි පොඩි ක්‍රියාමාර්ග වලින්. ලිපියේ විෂයය පථයෙන් (scope) පිට යන හින්දා ඒක ගැන ලියන්නේ නෑ. උනන්දු කාට හරි මෙතනට ගියොත් බලාගන්න පුළුවන්.
අනිත් එක තමයි කලින් කියපු අල්ශයිමර්ගේ රෝගය. ඒක නම් පොඩ්ඩක් දරුණුයි වගේ පේන්නේ. එකම දේ සැරින් සැරේ අහන එක, හොදටම දන්නා කියන තැන් අමතක වෙන එක, සරල උපදෙස් මාලාවක් පිළිපදින්න නොහැකි වීම වගේම තව ගොඩාක් දේවල් මේකට අයිති වෙනවා.
අවසානේට යකාට හැදුණු ලෙඩේ මොකක්ද කියලා දැන ගත්තේ නැති උණත් වෙන ගොඩාක් දේවල් නම් දැන ගත්තා. මේ ක්ෂේත්‍රය ගැන අල්ප මාත්‍ර දැනුමක් වත් නැතුව ලියපු හින්දා අඩු පාඩු තියෙන්න පුළුවන්. දන්න කෙනෙක් ඉන්නවා නම් වැරදිච්චි තැන් තිබ්බොත් කියලා දෙන එක වටිනවා.
සමහර අය නම් කියනවා මොළය චුට්ටක් පොලිෂ් කරලා ගත්තාම කෝකටත් හොදයි කියලා. නෙට් එකේ ඒකට හරියන්න ඕන තරම් පොඩි පොඩි ගේම්ස් තියනවා. ඇත්තද බොරුද කියන එක නම් දන්නේ නෑ. ඒත් කැමති කෙනෙක් ඉන්නවා නම් දවසකට විනාඩි 5ක් 10ක් මේවගේ එකක නිරත උණාට වරදකුත් නෑ. පහලින් තියන්නේ ගහපු ගමන් ආව ටිකක් විතරයි. තව ඕනේනම් තව තියනවා ගමකට උණත්.
Brain Games, Games for the Brain, Mind Games
සැ.යු.
පින්තූර ගත්ත තැන් බලාගන්න ඒවා උඩ ක්ලික් කරන්න

This comment has been removed by the author.
ReplyDeleteහපොයි ඔය අමතක වෙන ගතිය මටත් තියනවා. මෙන්න උදාහරණ.
ReplyDelete1. හොස්ටල් එකේ ඇඳට ගියාට පස්සේ දොර වහලද කියල මතන නැතුව නැවත ඇවිත් බැලීම (ලඟදි කාන්තා නේවාසිකාගාරයටත් හොරු පැන්නා, ඔයාට ආරංචිත් ඇති. ඉතින් දැන් අපිත් ඔය වගේම දොරවල් වහන සෙල්ලම කරනවා හැම තිස්සෙම)
2. ගෙදරදී නිදාගන්න ඇඳට ගියාම ලැප්ටොප් එකේ ප්ලග් එක ගැලෙව්වද කියල මතක නැතිව නැවත ඇවිත් බැලීම.
3. ගෙදරදී බාත්රූම් එකේ දොර ලොක් කලාද කියලා මතක නැතුව නැවත ලයිට් දමා බැලීම
4. Word ෆයිල් එකක් PDF කරගෙන, ප්‍රින්ට් අවුට් ගන්න කොමියුනිකේෂන් එකට ගිහින්, පෙන් එකේ Word ෆයිල් එකක් හොයලා, එහෙම එකක් නැති නිසා ආපහු හැරිලා ඒම
5. උදේ සල්ලි ගෙවලා ඕඩර් කරපු බත් පාර්සලයට දවලුත් සල්ලි දෙන්න හැදීම
හපොයි.... විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ...
ඔන්න ඕවා ගණන් ගන්න එපා... මම නම් වැඩිය හිතන්නේ නැහැ. මේ දවස් වල ඔලුවේ එක එක ඒවා නේ...
ඔයාට හිතට හරි මදි නම්, නිදි මරණ එක අඩු කරලා බලන්නකෝ.
නිදිමරණ අඩු කරන්න බෑ බන්. මේ හොරු සීන් එකට නම් මොනවා හරි කරන්න වෙයි වගේ නේ. මට 4 වෙනි වෙන්නේ ටිකක් වෙනස් විදියට. ප්‍රින්ට් අවුට් ගන්න ගිහින් බලද්දී පෙන් එකට දාගෙන නෑ file එක.
Deleteඔය අමතක වෙන පුරුද්ද මටත් තියෙනවා. දෙපාරක් විතර දොරවල් වහලාද බලන එක. සිදුකරන සියලු කටයුතු සිහිකල්පනාවෙන් කරනඑක තමයි නියම බෙහෙත. එකත් භාවනාවක් නම මතක නැහැ. එක වැඩක් කරන ගමන් වෙනත් මනෝ ලෝකෙක ඉන්න විට තමයි ඔය ලෙඩේ හැදෙන්නේ. දූරං ගමන් ඒක චරන්.
ReplyDeleteඒක තමයි බන්. එකක්යැ තියෙන්නේ ඔලුවේ
Deleteයකා මට ලොකු උදව්වක් කරල තියෙන්නෙ.තැන්ක් යූ යකා.. :)
ReplyDeleteමේකයි කථාව..ඔය අමතක වෙන ලෙඩේ දරුණුවටම මටත් තියෙනවා. නිදාගන්න කලින් ගෙදර දොරවල් ලොක් කරලද කියල බලන්න නිල වශයෙන් පත් කරල තියෙන්නෙ මාව. ඉතින් ඇඳට ඇවිත් නිදාගන්න ලෑස්ති උනාම හිතෙනවා "අර දොර වැහුවද කියල මතක නෑනෙ" කියල. ඊට පස්සෙ ආයෙත් ලයිට් දාල යනවා ඒ දොර වහලද කියල බලන්න. ඊට පස්සෙ ආයෙත් ඇඳට ආවම හිතෙනව " දොර වහන්න ගිය පාර දාපු ලයිට් ටික ඕෆ් කලාද කියල මතක නෑනෙ "කියල. ඊළඟට ආයෙත් යනව ඒක බලන්න. තව ඔය වගේ අමතක වෙන ඒවා ගැන කතා ගොඩක් තියෙනවා. ඒ නිසා මටත් හිතිලා තිබ්බෙ මේක ලෙඩක්ද කියල හොයල බලන්න. හැබැයි මේ පෝස්ට් එක දකිනකන් මට ඒ විස්තර හොයන්න ඕන කියන එකත් අමතක වෙලා තිබ්බෙ...
ඒ කියන්නේ මේක එක්කෝ අපි හැමෝටම තියන ලොකු ලෙඩක්. නැතිනම් හැමෝටම පොදු සරල සිද්ධියක්. එකවගේ කට්ටිය හදුනාගෙන ඉන්න එක වටිනවා
Deleteමම හිතන්නෙ දොරේ සීන් එක හැමෝටම එකයි වගේ....
ReplyDeleteයකා කොයි විස්ස විජ්ජාලෙද??
එහෙනම් ඇති. ඒක ලෙඩක් නෙවෙයි. මම මොරටුවේ බන්
Delete//නිරන්තරයෙන් නිදි මැරීම - මේක ඇහුවට පස්සේ නම් ඇඟ සීතල උණා. හැමදාම නිදා ගන්නේ 2 ට විතරනේ - //
ReplyDeleteදැං මගෙත් ඇඟ සීතල උනා හොදටම.. සමහර දෙවල් නං පුදුම විදියට අමතකයි.. ඉක්මනටම අඩුකරගන්න වෙයි මගෙ මේ නිදි මැරිල්ල.. සික්!
අනිවා බන්, දැන් කලින් නිදා ගන්න එක පුරුදුම නෑ
Deleteමම නම් ඒකනේ බං මොළේ පොලිශ් කරන් ආවේ.. දැන් ඔක්කොම හරි.. උඹලත් කර ගනින්.. ;)
ReplyDeleteඒකනේ කියන්නේ. අපිත් පටන් ගන්න වෙයි වගේ.
Deleteමටත් වෙලාවකට අමතක වෙන ලෙඩේ තියෙනවා.
ReplyDeleteඒක ගොඩක් වෙලාවට තියෙන්නේ,
කාගේ හරි පොතක් ඉල්ලගෙන ආවහම
කාටහරි ණයක් දෙන්න තියෙනකොට
වගේ අවස්ථාවලදි තමා.
ආහ් ඇයි චූ කරලා ගෙට එනකොට කුස්සියේ දොර වහන්ඩත් අමතක වෙනවා. :)
මේ අමතක වීම් නම් ඉතිං කොච්චර උණත් කමක් නෑනේ
Deleteඕක ගැන වැඩිය හිතන්න ඕන නෑ බන්. ස්වභාවික මිනිස්සුන්ට ඕක කොහොමත් පොදුයි කියලා මම හිතන්නේ :)
ReplyDeleteඅඩෝ හොස්ටල් කැන්ටිමේ එක අරන්ගියෙත් පාහර හොරෙක්ද බන්. දැන් මැච් එකක්වත් බලන්න විදියක් නෑනේ.
*බලපන් ඉතින් මම TV කියන වචනේ කලින් කොමෙන්ට් එකෙ ලියන්න හිටියේ වෙනමම. ඒකත් අමතක වුණා පෝස්ට් කරන්න කලින්, ඔන්න ඕකයි තත්වේ. :)
Deleteඔව් බන්. ඒක තමයි ලොකුම පාඩුව
Deleteඅපිටනම් අමතක වෙන්නේ නෑ මොනාවත්... ආ.. මොකක්ද කිව්වේ .
ReplyDeleteඅනේ වාසනාවන්
Deleteමට කාගෙන් හරි සල්ලි ගත්තම විසේසෙන් බැංකු වලින් නයට ගත්තම දෙන්න අමතක වෙනවා නෙව
ReplyDeleteබුදු අම්මේ ඕක නම් අන්තිම භයානකයි
Deleteරීරි යකෝ......මටත් ඔහොම අමතකවීමක් තියෙනවා. බාගයක් ගැහුවට පස්සේ මතක නැතිව යනවා බිව්වාද කියලා. ඉතින් ආපහු බොන්න පටන් ගන්නවා :D
ReplyDeleteගණන් ගන්න එපා!
බිව්වට පස්සේ ගෙදර යන පාර එහෙමත් අමතකද දන් නෑ?
Deleteඕවා ඔහොම තමයි.මටත් දරුණුවටම තියෙන ලෙඩක් ඕක. කොයි තරම්ද කිවුවොත් කැම්පස් කාඩ් එකත් "අන්දමන්ද". මම හිතන්නේ ඕකට මූලිකම හේතුව හීන ලෝකවල රස්තියාදු වීම තමයි.
ReplyDeleteමෙවුවා කෝමද බලන්නකෝ.
1. ගමනක් යනකොට බාත් රූම් සෙරෙප්පු දෙක දාගෙන එලියට ගිහින් මගදි මතක් වී ආපහු ඒම.
2. විභාගෙට යද්දි ඇඩ්මිශන් අමතක වීම.
3. ලෙක්චර් හෝල් එක අමතක වෙලා වැරදි හෝල් එකට ගිහින් සීනියර්ලාට ලෙක්චර් එක යන බවවත් නොදැන පසුපෙලට වී හීන බැලීම.
4. ඔපීසියේ ඇරල තියෙන දොරවල් වලින් ඇතුලට යද්දිත් කාර්ඩ් එක පන්ච් කිරීම. ලැජ්ජාවේ බැ අනිත් උන් බලන විදියට.
5. බොසාගෙන් යමක් අහන්න කියුබිකල් එකට රිංගුවාට පසු අහන්න ගිය එක අමතක වීම.
6. කෝච්චියේ මනෝ පාර දමා බහින තැන අමතක වී, ස්ටේශන් හයක් එහායින් බැස බස්සෙකේ ආපහු ඒම.
හොඳම එක...
7. කේක් එකට බිත්තර දාන්න අමතක වීම.
මටත් හිතුනා අතමක වීම ගැන කතාවක් ලියන්න. ඒකත් අමතක වෙයිද මන්ද!
2. මේක නම් හතුරෙකුටවත් වෙන්න හොද නෑ
Delete5. බොසා ලස්සන කොල්ලෙක් නේද?
කියලා වැඩක් නෑ යකා මම හිතුවෙ මට පිස්සු කියලා ..දැන් දැන් එ තරම් අමතක වෙනවා ..කොල් කරන්න අමතක වෙනවා මේ ලගදි ඉදලා හැක් හැක් ..
ReplyDeleteමම හිතන්නෙ ඔය ලෙඩේ මගේ නම් වැඩි වෙන්නෙ වැඩ වැඩි වෙනකොට එකම දේ දෙපාරක් කරනවා ..කරන්න තිබුණ වැඩ එ විදිහටම .මම නම් දැන් ගොඩක් දෙවල් ෆොන් එකෙ remider එකට දා ගෙන ඉන්නෙ ,
මාත් ඩෙස්ක්ටොප් එකේ දා ගෙන ඉන්නේ නැත්තම් බෑ
Deleteela machan....
ReplyDeleteදිගටම කරගෙන පලයන්...
තැන්ක්ස් මචං කරපු උපකාරයට
Deleteයක්ෂයෝ මටත් තියෙනවනේ ඔය ලෙඩේම මම සමහර වෙලාවට වාහනේ ලඟට යනවා යතුර නැතිව කල්පනා කරනවා මොනවද මතක නැති වුනේ කියල සාහෙනන් වෙලාවකින් මතක් වෙන්නේ යතුර නේද කියල. ලයිසන් එක නැතිව ගිහින් 99 බේරුනා දවසක් අපේ උන්දැගේ දෝස් මුරේ දවසට කී දවසක් අහනවද අමතක වීම ගැන මම ඉන්නේ අර විටමින් වගයක් තියෙනවලු අමතක වීමට එයින් ටිකක් බොන්න
ReplyDeleteඅපිටත් ඔය බෙහෙත ගැන කිව්වා නම් නරකද?
Delete