Wednesday, January 1, 2014

අපි අලුත් වෙමු

හැම දෙයක්ම එකම විදියට තියෙද්දී ටික කාලෙකින් ඒ දේවල් එපා වෙනවා. ඒක මිනිසුන් වන අපේ හැටියක්. ඒ හින්දා කාලෙන් කාලේකට පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. අපිට විතරක් නෙවේ ගහ කොළ සතා සර්පයා උණත් එහෙමයි. වෙනස් වෙනවා කාලෙන් කාලෙට. අවුරුද්දක් පුරාවට 2013 කියලා දාපු අපි අද ඉදන් 2014 කියන එකට යනවා. එක අතකින් බලද්දී මේක ගණන් ගන්න බැරි තරම් පොඩි වෙනසක්. ඒත් අපි ඊට වඩා වෙනසක් ඒකෙන් දකිනවා. ඒ හින්දා මේ වෙනසට හැමෝම කැමතියි. අද දවසේ ගොඩාක් දෙනෙක් සුභ පැතුම් එකතු කරන හින්දා ඒකාකාරී ගතියකුත් ඇති. ඒත් ගොඩාක් දෙනෙක් සුභ වෙන්න කියනවා කියන්නේ ඇත්තටම සතුටු වෙන්න ඕන කාරණයක් කියලා තමයි මට නම් හිතෙන්නේ.
ගිය අවුරද්ද පුරාවට කරපු දේවල් ඇති, මේ අවුරුද්දේ දිගටම වැඩි දියුණු කරගන්න. නැති නම් සමහර දේවල් ඇති මේ අවුරුද්දේ අලුතෙන් පටන් ගන්න. ඒ වගේම මේ අවුරුද්දේ ඉදලා අයින් කරන්න. සිමා කරන්න හිතාගෙන තිබ්බ දේවල් එහෙමත් ඇති. ඒ කොයි කාට උණත් සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

මේ පාර අවුරුද්ද නම් මේ විදියට ආවේ

අපි හැමෝම එහමයි, අවුරුද්දක් පටන් ගද්දි ඒ වගේ අරමුණු තියාගන්වා. යකාටත් එහෙමයි මේ අවුරුද්ද. සමහරක් විට මෙච්චර කාලයක් පුරාවට උණු මහන්සිය මල් දරන අවුරුද්ද මේක වෙන්නත් පුල්වුඅන්. ඒ වගේම ගිය අවුරුදේ මඟ ඇරුණු කලින් පුරුදු වෙලා තිබ්බ හොඳ දේවල් ආපහු ලංකරගන්නත් ඕන. ඒ වගේම බ්ලොග් ලෝකෙත් එක්ක එකතු වෙලා පටන් ගත්ත මේ ගමන යන්නත් ඕනනේ. මේ වගේ අනිත් අයටත් ගොඩාක් දේවල් ඇති. හදවත ඇතුලේ රිදි රිදී තියන තුවාල තව දුරටත් ඉස්සරහට ගෙනියනවාද කියලා අලුතෙන් හිතනන්නත් ඕනේ.

පොඩි හරි වෙනසක් 


ඒ හින්දා අපි අලුත් වෙමු. ලොකු දෙයකින් නෙවේ, පුංචිම පුංචි දෙයකින්. හැමෝටම සුභ පතනවා ඒ විදියට අලුත් වෙන්න ලැබේවා කියලා.

පින්තූර
http://happynewyear2014wallpapers.com කියන තැනින්

26 comments:

  1. මචන් මේ 2014 උඹ වපුරපු දේවල් වල සාර්ථක පල නෙලාගන්න පුලුවන් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්තනා කරනව..

    ReplyDelete
  2. අළුත් වෙන එක හොදා පරණ වැරදි ඇත්නං තේරුම් අරන් හදාගෙනම. ඔසුනවවේ!!

    ReplyDelete
    Replies
    1. වැරදි කියන්නේ අත්වැරදීම් ගොඩාක් තියනවා. ඒවා හදා ගන්න ඕනේ.

      Delete
  3. ඔබට සුභම සුභ නව වසරක් වේවා යකා :)
    සියලු පැතුම් ඉටු වේවා.

    ReplyDelete
    Replies
    1. යක්සනියක් ලැබේවා!!!!

      Delete
    2. එච්චරයි දැන් අඩු වෙලා තියෙන්නේ ඔන්න

      Delete
  4. යක්ෂයාගේ සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැලප අයියාටත් එසේම වේවා

      Delete
  5. යක්ශයාටත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වෙන්න ඕනේ ඔයාටත්

      Delete
  6. සිතු පැතුම් ඉටුවන ඉසුරු බර නව වසරක් වේවා!!!
    අලුත් විදිහට වගේම හරි විදිහට හිතන්න පටන් ගමු මේ අවුරුද්දේ ;)

    ReplyDelete
  7. මාත් පතන්නේ ජීවිතේ වෙනසක් වෙන අවුරුද්දක් වෙන්ඩෙයි කියලා !
    යකාටත් යස්සනීටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. යක්සනියක්වත් මේ දවස් වල නෑ අපිට නම්
      සුභ පැතුම් එහෙනම්

      Delete
  8. සුබම සුබ නව වසරක් වේවා ඈ ....

    ReplyDelete
    Replies
    1. නදී ටත් එසේම වෙන්න ඕනේ ඈ

      Delete
  9. සුභ අළුත් අවුරුද්ද වේවා..

    ReplyDelete
    Replies
    1. එසේම වෙන්න ඕනේ දිනේෂ් අයියාටත්

      Delete
  10. අලුත් වෙන්න හදන යකාට සුභ පැතුම් නව වසරකට :)

    ReplyDelete
  11. යාම ලෝකයටත් යක්ෂයටත් සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඉවාන් අයියාටත් සුභ පැතුම් එහෙනම්

      Delete
  12. පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා!

    ReplyDelete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න