Wednesday, January 8, 2014

ආයෙමත් පුංචි කාලේට

මේ මාතෘකාව දැක්කාම ගොඩාක් අයට මතක් වෙන්නේ තමන්ගේ පුංචි කාලේ සෙල්ලම් කරලා, පිස්සු නටලා විනෝද උණු හැටිනේ. හැබැයි ඒක ගැන නම් නෙවේ කියන්න යන්නේ, වෙන දෙයක්. තමන්ගේ ළමා කාලයේ සිදු වුණ අමිහිරි සිදුවීමක් අපිත් එක්ක බෙදා ගෙන ඒ මතකය සුවපත් කර ගැනීමක් ගැනත් නෙවේ කියන්න හදන්නේ.
ඒ වගේම තවමත් පොඩි කාලේ වගේ පිස්සුවෙන් බදා ගෙන ඉනිඩ් බ්ලයිටන් ගේ, එලිනෝර් එච්. පෝටර් ඒ වගේම ලුසී මෝඩ් මොන්ටේගොමරි වගේ ලේඛිකාවන් ලියපු සුන්දර ළමා කාලය ගැන කියවෙන පොත් ආපහු ආපහු හතර පස් වාරයක් කියවන පුරුද්ද ගැනත් නෙවේ. ඇත්තටම ලොකු උණත් පොඩි එවුන් කරන දේවල් කරනවා වගේ පේන දෙයක් ගැන කතා කරන්න.

පුංචි කාලේ අපි

මුලින්ම මෙහෙම කතාව පටන් ගන්නම්කො. මතකද දැන් ටික කාලයකට කලින් බිස්කට් ගැන වෙළඳ දැන්වීමක් තිබබා. ආච්චි අම්මා කෙනෙකුයි පොඩි එකෙකුයි ගැන. අර "මිල්ක් සෝට් කේක් බිස්කට්" ද මොකක්ද කියලා. අර පුංචි රස කතාවක් කියන්නකෝ කියලා - ඇයි වදේ මෙච්චර කියලාත් මතක් වෙන්නේ නැද්ද? - අන්න එකේ අවසානේට පොඩි එකා කියනවා "ඊට පස්සේ සුපර් මෑනුයි ස්පයිඩර් මෑනුයි හොරු ටික අල්ලා ගත්තා" කියලා. දැන් පොඩ්ඩක් හිතන්න ඔය විදියේ කතාවක් අවුරුදු 30-35 මනුස්සයෙක් කියෙව්වොත් කොහොමද කියලා. අනිවාර්යෙන්ම මිනිහාට පිස්සු කියලානේ හිතන්නේ. ඒත් කිව්වාම විශ්වාස කරන්න ආයුබෝවන්ඩ ඔය විදිහටත් වඩා එහා ගිය විදියට ඔය කාඩ්බෝඩ් වීරයෝ ගැන කතා කරන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. මේ හොඳ රස්සා කරන අය. බැඳලා රස්සා කරන අය. දරුවෝ දෙතුන් දෙනා ඉන්න අය. 

පොඩි එකා කිව්වට දෙන්නා එකට නම් ඉන්නේ නෑ. එක්කෙනෙක් DC, අනිත් කෙනා Marvel

අපි හිතනවාට වඩා ලොකු තැනක් මේ චරිත වලට සමාජයේ තියනවා. දැන් කියන්න හදන්න එපා මේ බොරු කාඩ්බෝඩ් වීරයෝ ගැන කියවලා කාලේ නාස්ති කරන එකේ තේරුමක් නෑ. ඊට වඩා කොච්චර වැදගත් දේවල් නම් තියනවාද කියලා. ඒක හරි මම නෑ කියන්නේ නෑ. ඒත් ඇයි මෙච්චර පිරිසක් තවම මේවත් එක්ක ඉන්නේ කියන එක ටිකක් හොයලා බලන්න වටිනවා පොඩ්ඩක් හරි. ඇත්තටම මේවා ගොඩාක් ජනප්‍රිය "කොමික්" කියන නමින්. මට නම් මේ නම මුලින්ම අහු උණේ කේ.ජී.කරුණාතිලක ශුරීන් ලියපු ටාර්සන් පොත් මාලාවේ පෙර වදනෙන්. ඇත්තටම මේ කොමික් කියන්නේ මොනවාද? බැලු බැල්මටම ලංකාවේ චිත්‍ර කතා කියන්නේ මීට සමාන විශේෂයක්. ඒත් ඒකම නෙවෙයි. අර්ත දැක්වීම අතින් නම් කොමික් කියන්නේ "හාස්‍යය" මුසු උණ, දෙබස් බැලුම් වලින් - අර චිත්‍ර කතා වල කතාව දාන්නේ රවුමක් ඇදලා ඊතලයක් හරි පුංචි රවුම් ටිකක් හරි ඇදලා - කතාව විස්තර වන අංගයකට. හරියටම කියනවා නම් චිත්‍ර කතා කියන පොදු කුලකයේ උප කුලකයක් වගේ. මුල් කාලේ හාස්‍යය විතරක් උණාට පස්සේ කාලේ නම් මේ කොමික් චරිත වලින් සරල වින්දනයකට එහා දෙයක් දෙන්න උත්සාහ කරනවා.

හොදම බඩු ටිකක්

වර්තමානයේ මේ කොමික් ලෝකේ අග රජවරු වගේ ඉන්න දෙගොල්ලක් ඉන්නවා. දෙගොල්ලක් කිව්වට තව හෙණ ගොඩක් ඉන්නවා. මේ දෙගොල්ල ගොඩාක් ජනප්‍රියයි. ඒ අය තමයි DC Comic සහ Marvel Comic කියන අය. සමහරක් අයට මේ නම් දෙක එච්චර පුරුදු නැති උණත් DC Comic ලගේ ප්‍රධාන චරිත වන බැට් මෑන්සුපර් මෑන්ෆ්ලෑෂ් නැතිනම් මේ දවස් වල ගොඩාක් ජනප්‍රිය කතාවක් වෙන ඇරෝ චරිතය - බය වෙන්න එපා තව ටික දවසකින් අනිවා හිරු ටීවී එකේ රෑ 8.30 ට යයි මේක. - අහලා ඇති ඒ වගේම Marvel Comic ලගේ ප්‍රධාන චරිත වන අයන් මෑන්ස්පයිඩර් මෑන්කැප්ටන් ඇමරිකා වගේ නම් අහලා ඇති. 
දැන් අපි බලමු ලෝකය පුරා ඉන්න අයගෙන් මේ වගේ දේවල් බලන්නේ මොන වගේ කට්ටියද කියලා.

මේ දත්ත ගත්තේ මෙතනින්
වයස අනුව ගත්තහම අනිවාර්යෙන්ම 18 ත් 30 අතර අය වැඩියි. ඒත් බලන්න 30ත් 45 ත් අතර ඒ කියන්නේ සමාජයේ රස්සාවක් කරන ස්ථාවර වෙලා ඉන්න අය කොච්චරද කියලා. 

අපි වගේ එවුන් තමා ඒත් වැඩි

උඩින් කියපු කතාව තව දුරටත් තහවුරු කරනවා මේකෙන්. තනිකඩ අය ගොඩාක් වැඩි උණාට බැඳපු සහ ආදරේ කරන අයත් සෑහෙන පිරිසක් ඉන්නවා.

තනියම ඉන්න එවුන් තමයි වැඩි

මේකෙන් මම කියන්න හැදුවේ මේවා බලන්නේ අර Geek කියලා හදුන්වන පිරිස විතරක් නෙවේ කියන්න. පස්සේ පස්සේ වගකීම් වැඩි වෙද්දී අතපහු වෙලා ගියාට ආසාවෙන් මේ වටා එකතු වෙන ලොකු පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම මේ චරිත වලින් මතු කරන වින්දනීය ආශ්වාදය මිනිස් හිතකට අනිවාර්යෙන්ම වැදගත්. ඒ වගේම තමයි මේ ගොඩාක් චරිත සුසමාදර්ශී චරිත. අවංකත්වය, මහත්මා ගතිය තියන හින්දා පොඩි ළමයෙක් උණත් බැලුවට කිසිම හානියක් නෑ.

Geek කියන්නේ මේ වගේ අයට

ඇත්තටම මේ ලිපිය ලියන්න හිතුණේ මේ දවස් ටිකේ පොඩි විවේකයක් තියනවා. මේ යකාත් ලැප් එක පුරවාගෙන මේ දවස් ටිකේ බලනවා මේ කතා වගයක්. එතකොට තමයි හිතුණේ මේවා බලන්නේ මානසික රෝගීන් වත්ද කියලා. ඒත් ලෝකය වටේ මම වගේ තව ගොඩාක් ඉන්න හින්දා ඔන්න ඔහේ කමක් නෑ කියලා හිත හදා ගත්තා.

පින්තූර ගත්තේ

23 comments:

  1. මම නම් ස්පයිඩර් මෑන් සුපර් මෑන් බැට් මෑන් කියන එකී නොකී මෑන්ලට කැමති නෑ.
    මතකද දන්නේ නෑ ඒ දවස්වල තන්ඩර් කැට්ස් කියලා කාර්ටූන් එකක් ගියා ටීවි එකේ.. ??

    ඒ වාගේද දොස්තර හිත හොඳ, පිස්සු පූසා, සූරපප්පා, කවුද බෝයි, ??

    ReplyDelete
  2. අඩේ තන්ඩර් කැච් නම් සුපිරි, ඒවගේම සිරසේ හඬ කවපු කාටුන් ගොඩාක් පට්ට. මමත් කලින් මේවා බලන්නේ නෑ. ඇරෝ බලලා ජස්ටිස් ලීග් එක ගැන වහ වැටුනා. දැන් හොයා ගෙන බලනවා සේරම.

    ReplyDelete
  3. සමහර විට කොයි තරම් වයසට ගියත් අපි ඇතුලෙ හැමදාම පොඩි එකෙක් හැංගිලා ඇති. ඒ නිසා වෙන්න ඇති කොච්චර වයසට ගියත් ගොඩක් අය තාමත් කාටූන් එහෙම බලන්නෙ.

    බැට් මෑන්, සුපර් මෑන්ට නම් මම වැඩිය ආස නෑ. ස්පයිඩර් මෑන් ටිකක් හොඳයි. හැබැයි ඇරෝ නම් සුපිරියි. එකේ තියෙන කුතුහලයත් එක්ක කම්මැලි නැතුව බලන් ඉන්න පුලුවන් :)

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් ජස්ටිස් ලීග් එක ඇරෝ එක ඇතුලෙන් පටන් ගනීවි. අවසාන සැරේට ආපු බැරි ඇලන් එහෙම ආයෙමත් ඒවි එතකොට

      Delete
  4. මම ඔය කිසි මෑන් කෙනෙක්ට ආස නැහැ...
    කාටුන් කිවිවොත් ඉතින් සුරපප්පා... අපි රජ ඉබිබෝ පැංචා ...
    ඔය චරිත වලට ගහන්න වෙන චරිත තාම නැහැ මට නමි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම කතා කෙරුවේ ටීවී එකේ යන කාටුන් ගැනම විතරක් නෙවේ බං. පොදුවේ කොමික් කියන එක ගැනම. හැබයි ලංකාවේ අපිට නම් ගොඩාක් සමීප සිරසේ හඩ කවපු කතා තමයි බං

      Delete
  5. මමනම් ඔය මෑන්ලා එකෙක්ටවත්හ් ආසාවක් නෑ. මගේ ලෝකෙ වීරයෝ ගාර්ෆීල්ඩ්, ස්කූබි ඩෲපී එහෙම තමයි....
    …:)

    ReplyDelete
    Replies
    1. අහ්හ් දන්නවාද ස්කුබි ඩු කියන්නේ උඩ කියපු DC කොමික් ලගේ නිර්මාණයක්. එක එක අයට කැමති විදියට එයාල චරිත හදනවා

      Delete
  6. යක්ෂයා ඔබේ බ්ලොගය මගේ ලැයිස්තුවට ඇතුලත් කර ගැනීමේ අපහසුවක් පැමිණ ඇත 300 ඉක්මවා ඇති නිසා.... මේක දකින්න ලැබුණේ අහම්බෙන්... වැදගත් සටහනක් ... දිගටම ලියන්න....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි සහන් අයියේ

      Delete
  7. පුංචි කාලේ ඉඳලා මගේ ප්‍රියතම චරිත උනේ ටින් ටින් සහ කැස්පර් තමයි. :D

    ReplyDelete
    Replies
    1. ජාතික රුපවාහිනියේ ගියපු කතා ටික සේරම මාත් බැලුවා කට ඇරගෙන

      Delete
  8. මට නම් ඔය කවුරුත් එකයි.. නිවාඩු පාඩු වෙලාවට ඔය ඔක්කොම බලනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් එහෙමයි. ඒත් අපේ රටේ තියෙන්නේ කොමික් කතා මාලාව ඇසුරෙන් සකස් කරපු කාටුන් එහෙමත් නැතිනම් සජීවිකරණ චිත්‍ර පට නැරඹීම විතරයි. මුලින්ම චරිතය හඳුන්වා දෙන අර පොත් (වඩා නිවැරදි සඟරා කියන එක) කියවන පුරුද්දක් නෑ.

      Delete
  9. අපිට පොඩි කාලේ ඔය කිසිම දෙයක් තිබුනේ නැහැ. කවර ගැලවිච්ච පිටු අඩු රුසියන් පොත් ටිකක් නං තිබුනා මතකයි.. එච්චරයි. ඒවා සතියකට සැරයක් කියවල ඉස්කෝලේ පාඩං වලට වඩා ඒවා මතකයි.. දැන් නං අමතකයි..

    ReplyDelete
    Replies
    1. මම ගාවත් තිබ්බා හත්පෙති මල, ලස්සන වසිලිස්සා වගේ රුසියන් කතන්දර පොත් වගයක්. කුකුල් කකුලක් උඩ ගේ හදාගෙන ඉන්න බබයිගා යකින්න එහෙම හිටියේ

      Delete
  10. මම නම් ආස ම ටි0 ටි0 :-D

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම වගේ ආසයි ඒ කාටුන් එකට

      Delete
  11. ගාර්ෆීල්ඩ්, ස්කූබි ඩෲපී ,ටින් ටින් වගේ එවා බලුවා ,දැනටත් කටුන් ච්ත්‍රපටි බලනවා නිවාඩුවක් සෙට් වුන ගමන් වඩියෙන්ම විහිලු එවා තමා ...
    මේ ලගදි හිරු ටිවි එකෙ යන නම් නම් මතක නෑ ,4ට මතක විකාශනය වෙන්න ,එකෙ අදර්ශය අන්තිම සවුත්තුයි ,එකේ කියන්නෙ ප්‍රින්සිපල්ට විරුද්ධව වැඩ කරන ළමයි ඉන්න ඉස්කොලයක් ගැන ,එවා ගෙන අය ගේ මනසට දේන්නෙ මොනව ද කියන එක නම් ගැටලුවක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවාත් එක්ක බලපුවාම නම් උඩ කියපු කොමික් චරිත සේරම ආදර්ශවත්.

      Delete
  12. මමනම් බැලුවෙම සිංහල කාටුන්. ඉංගිරිස් එවන් බැලුවේ වුඩි වුඩ් පෙකර් විතරයි

    ReplyDelete
    Replies
    1. සිංහල කිව්වේ සිංහලෙන් හඩකවපු ඒවා නේද? මොකද අපේම කියලා කාටුන් ආවේ මේ මෑත කාලයේ. ඒත් කිහිපයක් වගේ නේ.

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න