Wednesday, February 13, 2013

අපි සහ බ්ලොග්

               කැම්පස් එකේ ඉන්න අපිට අවට පරිසරය ගැන හරියට අවබෝධයක් නෑ කියලා තමයි රටේ ලෝකේ ඉන්න අය හැමදාම කියන්නේ. සමහරක් විට ඒක ඇත්ත වෙන්නත් ඇති. මොකද උදේ පාන්දර (ඒ කියන්නේ 7.30 ට විතර වගේ) නැගිටලා ලෙක්චර් ගියාම ආයේ බෝඩිමට නැතිනම් හොස්ටල් එකට එන්නේ රෑ වෙලා. ඊට පස්සේ ෆිල්ම් චිත්‍ර පටියක් හරි පරිඝනක ක්‍රීඩාවක් හරි කරලා නිදා ගන්න යන එක තමයි හැමෝගෙම සිරිත.


                        ඔය රටාව ටිකක් හරි වෙනස් වෙන්නේ විභාග කාලෙට විතරයි. එතකොට නම් ඔය සේරම අත ඇරලා මැරීගෙන පාඩම් කරනවා. ඉතිං කියන්න හැදුවේ ඒක නෙවෙයි. මේ දේවල් හින්දා සාමාන්‍යයෙන් කෙනෙක් රට තොට වට පිටාව ගැන විමසිලිමත් වෙනවා අඩුයි. පත්තරයක් බලන්නේ කැන්ටිමට ගිය වේලාවක වගේ. ටීවී තිබ්බට ඒක බලන්නේ මැච් එකක් දවසකට. නැත්නම් බලන්නේ නෑ. කන බොන ගමන් බලනවා විතරයි.
                       ඉතිං ඒ හින්දා අපේ අයගේ රටේ මොනවාද වෙන්නේ කියන එක ගැන දැනුම ගොඩාක් අඩුයි. ගොසිප් වෙබ් අඩවි වලින් හරි facebook වෙබ් අඩවියෙන් ලැබෙන දෙයක් තමයි මූලිකවම දැනුම මාධ්‍ය වෙන්නේ. අන්න එතන දී තමයි මේ blog අඩවි වල වටිනාකම ගොඩක් වැදගත් වෙන්නේ. 


                         ගොඩක් අය මේ blog ගැන දැනුවත් උණත් ඒවා භාවිතයට ගන්නේ බොහොම සීමිත පිරිසක්. සමහරක් වේලාවට ඒක වෙන්න හේතුව වෙලා තියෙන්නේ හරි විදියට රහ වැටුණේ නැති කම. උක් ගහක මුල හරියේ තියන රහ අග කොටසේ නෑ. ඒ හින්දා අළුතෙන් කන්න පටන් ගන්න කෙනෙකුට දෙන්න ඕනේ මුල පුරුකක්. එතකොට තමයි ඒ මනුස්සයා උක් වලට කැමති වෙන්නේ. මම මේ කියන්නේ උක් ගහක මුල අග ඉදන් කන්න පටන් ගන්න ඕනේ කතාව නෙවේ. ඒක වෙනම කතාවක්.
                       මොකද මේ සිංහල blog අවකාශයේ තියන රහ වැටුන කෙනෙක් ආයෙමත් මේක දාලා යන්නේ නැති හින්දා. මොන තරම් වෙලාව මදි උනත් මේකට වෙලාවක් හොයා ගන්නවා. මම හිතනවා ඉස්සරහට මේ තත්ත්වය වෙනස් වෙවී කියලා. දැනට ඉන්නවාට වඩා වැඩිය පිරිසක් මේ වටා එකතු වෙයි කියලා






2 comments:

  1. aniwa...... aniwaaaa.............. awata passe nam puthooo dummala wadi 7k gahalawath pannana be

    ReplyDelete
    Replies
    1. අනිවා, කොච්චර වැඩ තිබ්බත් මේකට කාලයක් හොයාගන්නවා

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න