Tuesday, June 11, 2013

ප්‍රශ්න නැති මිනිස්සු

            මේ ලෝකේ කොහෙද ප්‍රශ්න නැති මිනිස්සු ඉන්නේ. ඔළුව බර වෙන්න බර වෙලා බිමට පාත් වෙන්නම හැම කෙනාටම අඩු වැඩි වශයෙන් ප්‍රශ්න. ප්‍රශ්න නැත්තේ නිකෙලෙස් මුනිවරයෙකුට විතරයි. ඒ සියලු සංයෝජන ප්‍රහාණය කරලා ගැටීම් වලින් නිදහස් හින්දා. ඒ හැර අනිත් හැමෝම ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නේ.

                    මේ කියන්න යන්නේ ඒ විදියේ අය ගැන නෙවෙයි. වෙන කට්ටියක් ගැන. අපි කාගෙන් හරි ප්‍රශ්නයක් අහනවා නම් ඒක අහද්දී විශේෂයෙන්ම අගට "ද" අකුරක් එකතු කරනවා. ඒක අපේ සිංහල භාෂාවේ තියන අනන්‍යතාවය. ලියන භාෂාවෙන් අදහස් ඉදිරිපත් කරද්දී ඒක ගොඩක් වැදගත් වෙනවා.
            හැබැයි එහෙම භාවිතා කරන ප්‍රදේශත් මේ ලංකාවේ තියනවා. බලන්ගොඩින් එහාට වෙන්න, මහියංගණයෙන් මෙහාට වෙන්න බදුල්ල, බණ්ඩාරවෙල වගේ පැති වෙල අය කට වහරේදී "ද" අකුරක් භාවිතා කරන්නේ නෑ.
  "ඔයා බත් කෑවා ද?"
  "අද එහෙ යනවා ද?"
වගේ ප්‍රශ්න එයාලා අහන්නේ
  "ඔයා බත් කෑවා...?"
   "අද එහෙ යනවා...?" 
විදියට අවසානයේ ඇදලා කියලා. මේක ඒ විදියට කියන්න වෙන කාටවත්ම බෑ. ඒ පැත්තේ කෙනෙකුට හැරුනාම
                 ලංකාවේ එක එක පැති වල භාෂාව මද වශයෙන් වෙනස් කියලා හැමෝම දන්න එකක් නේ. ඒ හින්දා ඒක ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑ. එහෙම වෙනස් භාෂාවන් තියන අය එකිනෙකට මිශ්‍ර වන ප්‍රධානම තැන තමයි විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන. එතකොට අනිත් කෙනා ගේ ප්‍රතිරූපය ගැන හිතන්න ඕනේ කියලා එකක් නෑ. ඕන එකක් කියන්න පුළුවන්. ඒ හින්දා කුරුණෑගල පොල් ලෙලි ගහන අයත් එක්ක ගඟෙන් එහා පොල් ඔයන අය විහිළු කරගන්නවා. උඩරට අය යන්න වෙනුවට යන්ට කියන එකට විහිළු කරනවා.විශ්ව විද්‍යාල උප සංස්කෘතිය ඇතුලේ ඒක පොදු විනෝදාත්මක කාරණයක් .
             හැබැයි මට කැම්පස් එකේ අවුරුදු 3ක් ඉදලා බදුල්ලේ අයගේ මේ කතා විලාශය අහුවෙලා තිබ්බේ නෑ. මුලින්ම මහියංගණේ ගිය කාලේ තමයි ඕක දැනුනේ. අහපු මුල් දවස් වල දි නම් ඒකට හොදටම හිනා ගියා. පස්සේ පස්සේ තමයි ඉවසගෙන ඉන්න පුළුවන් උණේ.
          හැබයි එක දෙයක් කියන්න තියනවා. ඒ පැති වල ඉන්න මිනිස්සුන්ට ඇත්තටම ප්‍රශ්න ගොඩක් තියනවා. ඒත් ඒ ප්‍රශ්න මැද උණත් ලංකාවේ අනිත් පැති වලට වඩා සුන්දර හදවත් තියා ගෙන ඉන්න එයාලට පුළුවන් වෙලා තියනවා. 

15 comments:

  1. ඔයා ඌව යුනියෙද?

    ReplyDelete
    Replies
    1. මම මොරටුවේ. ඒත් ඌව මගේ කැම්පස් වගේ තිබ්බ කාලයක් තිබබා. මම ට්‍රේනින් හිටියේ ඌව වෙල්ලස්ස යුනි එකේ

      Delete
  2. //මම ට්‍රේනින් හිටියේ ඌව වෙල්ලස්ස යුනි එකේ// ඒ කොයි කාලේද????

    එක එක පැති වල කතා කරන විදි වෙනස්. අපිට පුරුදු නැතිකමට හිනා ගියත් ඒක ඒ මිනිස්සු පුරුදු වෙලා තියෙන හැටිනෙ. ගාල්ල පැත්තෙ යාලුවො, "ඒ අය" "පිරිස" කියනව වෙනුවට කිව්වෙ "ඒ කාණ්ඩෙ" කියල. මුලදි අපිටත් ටිකක් අවුල් වගේ. පස්සෙ හරි ගියා

    ReplyDelete
    Replies
    1. 2012 මැයි ඉදලා නොවැම්බර් වෙනකල්.
      අපියි ගඟෙන් එහා පැත්තේ කට්ටියයි තමා ගොඩාක් වේලාවට කියවාගන්නේ ඔය භාෂා භාවිතය ගැන. පොඩි ගතියකුත් තියෙනවා එකේ හැබයි

      Delete
  3. මමත් ඌව යුනි හිටියේ

    ReplyDelete
    Replies
    1. කොයි කාලේද?
      මම තාමත් ආදරෙයි ඌව කැම්පස් එකට. මගේ ජිවිතේ ලස්සනම කාලයක් වගේම, සුන්දර මතකයන් ගොඩාක් තියනවා එකත් එක්ක. වැස්ස කාලේට් කියන්න බැරි තරම් ලස්සනක් තියනවා. ඌවේ. මොරටුව අපිට ගොඩනැගිලි ගොඩාක් විතරනේ තියෙන්නේ. ඒ අතින් ඌවේ කට්ටිය හරි වාසනා වන්තයි.

      Delete
  4. 06-10 අපි 1ස්ට් බැච්

    ReplyDelete
    Replies
    1. මම හිටියේ CECB එකේ. තාමත් කට්ටිය කතා වෙනවා ඔයාලගේ බැජ් එක ගැන. හිටපු හොදම කණ්ඩායම කියලා කියන්නේ

      Delete
  5. Replies
    1. මොකද අක්කලාගේ බැජ් එක කැම්පස් එකට අලුත් හින්දා වෙන කවුරුත් නෑ. ඒ හින්දා හැමෝමත් එක්ක සහයෝගයෙන් වැඩ කලාලු. අනික ඔයාල වෙනුවෙන්ම හදපු එක හින්දා කැම්පස් එකට ආදරෙයි ලු ගොඩාක්. ඊට පස්සේ බැජ් එකත් අවුලක් නෑලු. එතනින් එහාට නම් පොඩ්ඩක් අවුල් කියලා තමයි කතාව. වෙන කැම්පස් එකක ඉදලා UVU නරකයි කියන මානසිත්වයක් නෙවේ අක්කේ මේක. CECB එකේ කට්ටිය කියන විදියට තමයි මම මේ කිව්වේ. අගයක් නෑලු දැන් ඉන්න බැජ් වලට හම්බෙලා තියන දේවල් ගැන. E බ්ලොක් එක හදලා ඒකේ නැවත සැකසුම් කාලය ඉවර වෙන්නත් කලින් ඒක කඩලා තිබබා. තව මේ වගේ ගොඩක් දේවල් කියනවා කට්ටිය.

      Delete
  6. එහෙමද ඒක නම් දුක හිතෙන කතාවක් අපි ඉන්න කාලෙ අපිට හම්බුනෙ ඔක්කොම වගේ අලුත් දේවල් ඉතින් අපි හරි ආසාවෙන් එව පරිහරනය කරා වගේම ආරක්ශා කරා .අපි හිටියෙ කැන්ටිම ලගම තියන සිල්වර් ටිප්ස් ඩි බ්ලොක් එකේ 38 රූම් එකේ. උඩ ඉදන් මීදුම... කදු... දිහා බලන් ඉද්දි හරිම ලස්සනයි ඒ කාලෙ මතක් වෙද්දි දුකයි.ඒත් සුන්දර මතකයක් තිය්න්නෙ.දැන් බෝයිස් හොස්ටල් එකක් ද කොහෙද ඒ හොස්ටල් එක .

    ReplyDelete
  7. අපි යුනි ඉන්න කාලෙත් CECB එකේ හිටිය ලස්සන අය්ය කෙනෙක් එයත් මොරටුවෙද නම් දන්නෙ නා.කව් බෝයි කෙනෙක් වගේ තොප්පියක් එහෙම දාල යන්නෙ.මම් හිතුවෙ මේ එයාවත්ද කියලා :)

    ReplyDelete
    Replies
    1. කව් බෝයි කැප් එකක් දාගෙන ඉන්න කෙනෙක්ට ඉන්නේ නම් පේරා අයියා කෙනෙක්. හැබයි ටිකක් කළුයි. හෑන්ඩ්සම් කෙනෙක් නම් ඉතිං අපේ pm සර් තමයි. ඒත් කවුද දන්නේ මමත් ඒ කාලේ හිටියේ නැනේ

      Delete
  8. නෑ නෑ එයා සුදුයි ලස්සනයි :)

    ReplyDelete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න