Saturday, December 21, 2013

එන්න එන්න පෝලිමේ...


අර කතාවක් තියෙන්නේ වඩුවාගේ ගෙදර පුටු මේස නෑ කියලා. ඒ කියන්නේ ඒකා ඒවාත් විකුණාගෙන හැන්දෑවට කණ මදයා වගේ පැලෙන්න ගහන හින්දා නෙවේ. හදිස්සියක් උණොත් මහා දෙයක්යැ හදා ගන්න එකනේ  කියලා, නිකං ඉන්නවාලු. ආන්න ඒ වගේ පහුගිය ටිකේම හිත හිතා හිටියා සපත්තු දෙකක්, කමිස තුන හතරක්, කලිසමක් දෙකක් තව ටයි පොලු දෙකක් එතකොට බඳ පටියක් වගේ ඔය කියපු දේවල් ටික ටික අර ගන්න. මොකද තව මාස දෙකකින් එළියට යන්න උණාම ඉතිං ඒවා අදින්න පටන් ගන්න එපාය. ඒත් ඉතිං දැම්ම තියා අරං මොනවා කරන්නද කියලා වැඩේ කල් දැම්මා. ඩෙනිමයි බාටා කෑලි දෙකයි ෂර්ට් දෙක තුනක් තිබ්බාම සෙමෙස්ටර් දෙකක් තුනක් ගින්නක් නෑනේ. මොකක් හරි හදිස්සියකට ඕන උණොත් ඉතිං කෑලි කෑලි එකතු කරලා ගොඩ දාගන්න එක තමයි ඉතිං එදා ඉදන්ම කරපු දේ.

යනවා එනවා කියන්නේ මෙහෙමයි අපි නම්

ඔහොම හිටපු අපිටත් ඉතිං හෙනහුරා ලැබුවා ආයුබෝවන්ඩ. අපේ කැම්පස් එකේ, Rotaract Club එකෙන් හැම අවුරුද්දෙම කරනවා වගේ මේ පාරත් සම්මුක පරීක්ෂණ වැඩසටහන තිබ්බ එක තමයි මේ අවුලට හිටියේ. ඉතින් සේරම දාලා ඉතිං ඇඳගෙන යන්න එකක් හොයන්න උණා ඒ පාර. හැම එකාම ඒකට යන හින්දා මේ පාර තමන්ගේ දේවල් තමන්ටම තමයි හොයා ගන්න උණේ. කොහොමින් කොහොම හරි නොකා නොබී සතිය ඇදලා, අඩුම කුඩුම ගත්තට ටයි පොල්ලක් විතරක් අඩුපාඩුවකට තිබ්බා. ඔය අතරේ අපේ එකෙක් ගාව ටයි දෙකක් තියන ආරංචිය ආවා. ඒ ගමන්ම යකා ගිහින් එකක් ඉස්සුවා. කරදර එක පිට එක එනවා කියන්නේ මහා පුදුම විදියට. ඊලඟට බලද්දී ඒ ටයි එකට ළඟ තියන කමිසේ හරි යන්නේ නෑ. ටයි එකයි කමිසෙයි ගලපන විදි හෙණ ගොඩාක් තිබබා අන්තර් ජාලයේ. ඒ ක්‍රම එකකටවත් ගොඩ දාගන්න බෑ. පස්සේ ඉතිං යට ඇදේ ඉන්න එකාගේ තිබ්බ අමතර කමිසයක් - මේකා ඇඳ යට බෑග් එකක දාලා හංගලා තිබ්බේ මේ කමිසේ. ඒවා කොහෙද අපිත් එක්ක - ඔන්න ගැලපෙනවා කියලා හොයා ගත්තා.

මේවා ගැලපෙනවාලු. මම නම් නෙවේ කියන්නේ
www.gq.com

www.sodahead.com
යාන්තම් ඒ ගැටළුව ඉවර වෙද්දී තමයි ඊලඟ ගැටලුව ආවේ. ඒ ගිහින් පෙන්නන්න දෙයක් නෑනේ. අපි ඉතිං ඉස්කෝලේ යන කාලේ සෙල්ලමක් කෙරුවා කියලා යැ. මේකට ආවට පස්සෙත් ඉතිං කරගත්ත දෙයක් නෑ. කිව්වට පිළිගන්න එකක් නෑ, අඩු ගානේ දහම් පාසල් සහතිකයක්වත් නෑ - ගමේ දහම් පාසල් දෙකක් තිබබා. මාරුවෙන් මාරුවට දෙකටම ගියපු හින්දා එකක්වත් විභාගේ කරන්න දුන්නේ නෑ - අර අමතර භාහිර ක්‍රියාකාරකම් වලට කිසිම දෙයක් නෑ. මම ඒ පාර දැම්මේ බ්ලොගක් අටවා ගෙන ඉන්නවා, ඉස්කෝලේ විද්‍යා සංගමයේ ඉන්නවා - ඉස්කෝලේ සේරම ටික එකේ හිටියා - වගේ දේවල්. අපිට අර මහා ලොකු GPA කියන එකවත් නෑනේ ලොකුවට. තිබ්බ එකම දේ ඉතින් අර මිණිය නොහැකි ගුණාංග ගණයට අයිති වෙන ඒවා වගේ ටිකක්. අවසානෙට හැබයි සේරම ටික දාලා CV එකත් කොළ තුනක් පිරෙන්න හදා ගෙන ඒ ලෙවල් පාස් උණා කියලා දීපු සහතිකයි තව මොකක්දෝ එකකුයි අර සහතික දාන එකේ දාගෙන කොල්ලත් ගියා.


www.betadiylol.com

මේක හැම අවුරුද්දෙම මොරටුව කැම්පස් එකේ කරන දෙයක්. විවිධ ආයතන වලින් ඇවිත් අපිව සම්මුඛ පරීක්ෂණයට ලක් කරනවා. තැන් තැන් වල මේස දාගෙන අර සායනයක් වගේ. කොහොම හරි සේරම ආයතන 100 කට කිට්ටු වෙන්න වගේ ඇවිල්ලා හිටියා. එකක් දෙකක් හැරුණාම අනිත් සේරම ඇවිත් හිටියේ ඇත්තටම කට්ටිය බඳවා ගන්න. සිවිල් අපිටත් ආයතන 24 ක් ඇවිත් තිබබා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රබලයෝ වගේම ආයතන කළමනා කරණ තනතුරට බඳවා ගන්නත් අයත් එක්ක.. හැම කෙනාටම ඉල්ලලා තිබ්බ විදිය අනුව වෙන්කරපු ආයතන තුනකට යන්න පුළුවන්. ඒවා ඉවර උණාම වෙනත් ආයතනයකට උණත් යන්න පුළුවන්. කොහොමින් කොහොම හරි යකාත් දීලා තිබ්බ දෙකකටයි, තව වෙන එකකටයි ගියා. 

අර මුලින්ම යන සම්මුඛ පරීක්ෂණය ගොඩාක් වටිනවා කියනවා කියන එක නම් අද හොඳටම තේරුණා. කතාවටත් කියන්නේ Äny day is not a virgin day" කියලා. මොකද පළවෙනි දවසේ ලැබෙන අත්දැකීම ආයේ කවදාවත් ගන්න බෑනේ. සහතික මොනවාද කියලා කිසිම තැනකින් බැලුවේ නැති උණාට, මුලින්ම ගිය තැනට නම්  යකාව ගන්නේ නැතිවෙයි කියලා හිතුණේ සමහරක් අයට පස්සේ ඇවිත් හම්බෙන්න එහෙමත් කියලා තිබ්බට යකාට එහෙම කිසි දෙයක් කිව්වේ නැති හින්දා. ඊට පස්සේ ගිය දෙකේ දී පුහුණුව ගැන අහපු හින්දා යකාට ලකුණු ටිකක් වැටුණා. ඒ හින්දා ඉස්සරහට මොනවා හරි හොඳ දෙයක් වෙයි කියලා පොඩි අහිංසක බලාපොරත්තුවක් නැතුවාමත් නෙවේ. 

හොඳම දේ උණේ කීයක් විතර බලාපොරොත්තු වෙනවාද කියලා අහපු වෙලේ. අපේ සේරම එකම ගානකට කතා වෙලා උදේ ගියේ. ඒ 80ක් විතර ඉල්ලන්න ඕනේ කියලා. සමහර ආයතන මේ ගානට එකඟ වෙලා තිබබත් සමහරක් ඒවා නම් හොඳට පවසලා තිබ්බා ගිහින් තිබුණ අයට. තව සමහරක් ආයතන එක පයින් දෙන්නම් කිව්වත් පස්සේ හොයලා බලද්දී ඇවිත් හිටපු සමහර අයටත් ඒ ගාන හම්බෙන්නේ නෑලු. ඇත්තටම මේක මේ ගොන් කමට ලොකු ගාණක් ඉල්ලුවා නෙවේ. හොදට හිතලා බලලා කතාවෙලා ගත්ත තීරණයක්. අපිට වගේම, අපෙන් පස්සේ එන කණ්ඩායම් වලටත් මේ දේ හින්දා සෙතක් සැලසෙනවා ගොඩාක් වේලාවට. 

I want more 
www.thisismoney.co.uk

මේ වැඩේ හින්දා කොහොම හරි අර සම්මුඛ පරීක්ෂණයට තිබ්බ බය කියන එකත් නැති උණා. ඒ වගේම මෙච්චර කාලයක් ඉගෙන ගත්ත එකේ ප්‍රතිපල ලබන්න ආසන්නයි නේද කියන හැඟීමත් දැන් නම් තියනවා. එළියට යන්නත් කලින් අපිව හොයාගෙන අපි ගාවට එන්න තරම් කාරුණික වෙච්ච ඒ හැම ආයතනයකටම ගොඩාක් ස්තුතියි කියන්නත්, වැඩ සටහන සංවිධානය කරපු අපේම කට්ටියට ස්තුති කරන්නත් එකක්ම තමයි යකා මේ ලිපිය ලිව්වේ.

28 comments:

  1. හොඳ රැකියාවක් ලැබේවා කියල සුභ පතනවා ඔන්න.
    ඉක්මනටම පොස්ට් එක දාලා නේද..

    ReplyDelete
    Replies
    1. මට නම් තේරෙන්නේ නැහැ අර ඉහත පින්තුරේ ටයි පොලු ගලපලා තියන විදිය. දන්න කවුරුහරි පෝස්ට් එකක් දාන්න..

      Delete
    2. ඔය කිව්වට කියන්න බෑ බන්.
      ඒවා නම් මමත් දන්නේ නෑ බන්.

      Delete
    3. සුදු හෝ ලා පාට ෂරට් එකකට නං මොන ටයි එකත් හරියනවා.

      වැඩේ අවුල් වෙන්නේ ඔය ඉරි ෂර්ට් එක්ක අඳින ටයි නිසා තමයි. දෙකේම එක පැත්තට ඉරි හොඳ නෑ.

      Delete
    4. ඔව් දෙකේම පැටන් තිබ්බාම හරි පරිස්සමින් ගොඩ දාගන්න වෙන්නේ

      Delete
  2. හොඳ කටයුත්තක් කියල තමා කියන්න වෙන්නෙ. සාර්ථක වුණත් නැතත් ඔය ගැන තියන බය සහ නුපුරුදු ගතිය අයින් වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අක්කේ. දැන් භය නෑ ආයේ එකකට

      Delete
  3. මේ කොයි යකාද?යකා කියල තවත් බ්ලොගයක් තියෙනවා එකයි ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හැලප අයියේ අවුල. මම ගොඩක් කලින් ඉදලා නම තිබ්බට බ්ලොග් කට්ටිය අතරට ආවේ ළඟදී නේ. ඒ හින්දා මම නම වෙනස් කළා යක්ෂයා කියලා. පැටලීමක් වෙනවට.

      Delete
  4. බොහෝ වෙලාවට ඉන්ටවිව් එකකට මුහුණ දෙන්න බයක් ඇතිවෙන්නේ මට මේ ජොබ් එක ලැබෙයිද නැද්ද කියන දෙගිඩියාව හිතේ තියෙන නිසා තමයි. අනිත් එක ලංකාවේ ඉන්ටවිව් කිරීම තුල සුහදශීලිත්වය අඩුයි කියලා තමයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපිට නම් තිබ්බ ලොකුම ගැටලුව තමයි විශයය කරුණු අහයිද කියන එක. එකක් හරි වැරදුනොත් එහෙම ලැජ්ජාවේ බැනේ. එතනින්ම ඉවරයි

      Delete
    2. මගේ නං නරකම අත්දැකීම තමයි වී'ල් ලෙට් යූ නෝ කියලා ඒ එක්කම කියන්න තිබුණු ඔන්ලි ඉෆ් යූ ආ සිලෙක්ටඩ් කියන කෑල්ල නොකියා ඉන්න එකටයි.

      ඒ නැති වුනත් එක ජොබකට මං ඔක්තෝබරයේ මුල ඉන්ටවීව් ගිහින් ලියුම ආවේ දෙසැම්බර් 30 දා!

      Delete
    3. තාම ඒ වාක්‍ය අහගන්න උණේ නෑ, සේරම අයගේ cv එකතු කරගෙන ගියා විතරයි

      Delete
  5. ඉංජිනේරුවෙක් ඔය ගාන ඉල්ලුවට පාඩු නෑ...!!!

    ReplyDelete
    Replies
    1. පුද්ගලික ඒවාගේ මේ ගාන දෙනවා බන්, අපි හරියට ඩිමාන්ඩ් කලා නම්

      Delete
  6. මටනම් තාම බැහැ හරියට ටයි එක ගලපගන්න වයිපරේගේ පිහිටෙන් තමයි එකත් කරන්නේ. :) අදයි මේ ඉසව්වේ ගොඩ වැදුනේ නරකමත් නැහැ යකාගේ හැටියටලු විමානේ :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි කෝරලේ මහත්තයා මේ පැත්තේ ආවට. තවම අලුතෙන් හින්දා අඩු පාඩු ගමකට. කට්ටිය කියන දේවල් වලින් තමයි ටික ටික හදාගන්නේ

      Delete
  7. මටත් මතක් උනා පලවෙනි ඉන්ටර්විව් එක. වැඩේ කියන්නේ සහතික බලන්නත් කලින් ඇහුවා ප්‍රශ්නයක්... මත්ද්‍රව්‍ය 5ක නම් කියන්න :)

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි කිව්වලු, ගමකට දෙන්න පුළුවන්නේ. පොඩ්ඩ වෙනස් උණ ගමන්ම තව බ්‍රෑන්ඩ් එකක් නේ

      Delete
    2. මාත් එහෙම තමයි මාත් හිතුවේ වැඩේ කියන්නේ කියනකොටම කියපි මත පැන් ඝනේට තමයි ඒ ඔක්කොම වැටෙන්නේ කියල. හප්පේ ඉතින් ඔන්න ආයෙත් හිතලා කිව්වා

      Delete
    3. ඒකනම් සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් නේ එතකොට

      Delete
    4. ඔව් මටත් හිතුනා ඒ ටික එකපාරම බොන්න :

      Delete
    5. ඒ කියන්නේ මේ කෙල්ල හොරෙන්ම ගහනවාද? ඈ?

      Delete
    6. හපොයි නෑ යකූ... කිව්වට එහෙම කලේ නෑ

      Delete
    7. අයියෝ විහිළුවක් නේ කලේ

      Delete
  8. යකා මේ මොන යකා ද?මෙ දවස් වල බ්ලොගියේ යක්කු වැහිලා ද අඩෙ අෆ්ෆා ...
    කතව නම් මරුය ඔය ටයි කතාව තවමත් මටත් බැරිය වැඩිය පවිචියක් නැනේ හදිස්සියට කර ගන්න ගියාම අඩෙනවා ..මොකද අපේ එවා දාගෙන යන්නෙ වෙන උන් අපි හිගලා දාගෙන යනවා ..

    ReplyDelete
    Replies
    1. මේක සෑහෙන ගැටලුවක් බන් දැන්. මම යකා කියලා blog එක ලියන්න ගත්තේ පෙබරවාරි වල ඉදන්. මේ ලිපියේ මම නම දාන්න හේතුවත් කිව්වා.
      http://yakdessagala.blogspot.com/2013/02/blog-post.html
      ඒත් කැම්පස් සින්ඩිය පටන් ගන්න කල් අපි පාඩුවේ ලියාගෙන හිටියා. කවුරුවත් ඒ කාලේ අපිව දන්නේ නෑනේ. කට්ටිය අතරට ආවට පස්සේ දැක්කා මේ ළඟදී ආපු යකා කියලා සහෝදරයෙක් ඉන්නවා කියලා. පස්සේ මම එළියේ දාන නම වෙනස් කලා යක්ෂයා කියලා මොකද කට්ටියට පැටලෙන හින්දා. ගොඩාක් දෙනෙක්ට එහෙම වෙලා. සහන් අයියා, ඔමායා, හැලප අයියා මගෙන් ඒ ගැන අහලා තිබබා. මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා? නම වෙනස් කරන්නත් විදියක් නෑ මොකද යකා කියන්න මට අවුරුදු 12 ඉදන් කියන නම. ඒක මගේ ඇත්ත නමටත් වඩා මට හුරුවෙලා.

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න