Friday, December 13, 2013

ටිකක් දා ගත්තාම අලියෙක් ආවත් ගහන්නේ නෑ

මහා පොළවත් එක්ක හැප්පෙන මිනිස්සු කියන්නේ කුඹුරක් හේනක් කොටලා ඒ කියන්නේ ජීවත් වෙන අයටනේ. ඔය විදියටම නැතත් ඉදිකිරීමේ ක්ෂේත්‍රය එක්ක ඉන්න අපිත් එක අතකින් මහා පොළව එක්ක, යකඩ කොන්ක්‍රීට් එක්ක හැප්පෙන මිනිස්සු. ඒ හින්දා මේකේ ඉන්න කම්කරුවා ගේ ඉදලා ලොකුම එකා ඒ කියන්න AGM ට යනකල් වැඩි දෙනා පුරුදු වෙලා ඉන්නේ හොදට කන්න බොන්න. කන්න දුන්නේ නැතත් අපිට කමක් නෑ කියලා කියන්නේ කට්ටිය එකතු වෙලා ආතල් තට්ටුවක් දාලා සින්දුවක් කියන වෙලාවට විතරක් නෙවේ. ඇත්තටම බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ කියලා කියන අය තමයි ගොඩාක් ඉන්නේ.


යකා නම් මතින් තොර උණාට බදුල්ල - මහියංගණය පැත්තේ ආයතනික පුහුණුවට ගියාට පස්සේ කන බොන උදවිය එක්කමයි හිටියේ. අපරාදේ කියන්න බෑ සතියක් වත් මොනවා හරි කරන්නේ නැතුව ඉන්න බෑ අපේ සෙට් එකට. RE අයියාත් - Residential Engineer -  මම වගේම අමද්‍යප උණත් පුළුවන් හැම වෙලාවෙම වගේ වෙල්ෆෙයා එකෙන් ගාණක් පාස් කරලා දෙනවා කට්ටියට මොනවා හරි කරගනිල්ලා කියලා. ඒ නැතත් අපේ අයත් කොහොම කොහොම හරි ගාන හොයාගන්නවා ගල් බෝතෙලෙකට. - කොච්චර සල්ලි තිබ්බත් ගල් හැර වෙන දෙයකට නම් කට්ටිය කැමති නැත- යකා  බොන්නේ නැති උණාට හැම වෙලාවෙම එතන හිටපු හින්දා සැන්ටින් එකට ගේන එකෙන් වැඩි හරිය වගේම, ඩයට් එකෙනුත් වැඩි හරිය මගේ බඩට ගියාට එක්කෙවත් වචනයක්වත් කියන්නේ නෑ. කොරළි වැලක් තෙල් දාලා, ලූණු ගෙඩි 2ක් රවුම් කපලා මිරිස් කුඩුයි ලුණු වතුරයි දාලා අනලා, මුරුක්කු පැකට් එකක් කඩලා ගන්න එක තමයි ගොඩාක් වෙලාවට වෙන්නේ. එහෙමත් දවසක ඇපල් ගෙඩියක් ගම්මිරිස් කුඩු දාලා ගන්නවා. ඒ මොකක් උණත් වැඩි හරියට මම දායක වෙනවා ලෝභ නැතුව.

මෙච්චර විගඩම් කරන්නේ නම් නෑ. කරවෙන්න බදිනවා විතරයි

සයිට් එක හදන්න ආපු චීන්නු එහෙම ගියාට පස්සේ දෙයියනේ කියලා අපිත් ඇස්පෝල්ට් - සිංහලෙන් කියන්නේ නම් පෙරමුසු කියලා. අර කාපට් දානවා කියලා දාන්නේ- ගහන්න පටන් ගත්තා. මේක පටන් ගන්නේ රෑ 9 ට 10 ට විතර. එහෙම පටන් ගෙන පාන්දර 2,3 වෙද්දී ලොරි වලට දානවා. එතකොට උදේ පාන්දරම කාපට් දාන තැනට ලොරි කාරයන්ට යන්න පුලුවන්නේ.

මේ දවස් වල ඉතිං ආශ්චර්ය හින්දා දැකලා ඇතිනේ 

 අපි හිටිය සයිට් එක තිබ්බේ  අලි ඉන්න මහා කැලේ. නම තිබ්බෙත් අලි කඳුර කියලා. ඉතිං මහා රෑ කැලේ මැද්දේ කට්ටිය වැඩ කෙරුවාට ඇතුලට ආවට පස්සේ ආයේ සයිට් එකෙන් එළියට යන්නේ නෑ. 
ඔන්න ඔය විදියට මහා රෑ ඇස්පෝල්ට් ගහන්න පටන් ගත්තාම අපේ කට්ටියත් සෙට් වෙන එක පොඩ්ඩක් විතර වැඩි උණා. වෙනදා, "අද බෑ බන්. ගෑණි කන්න බලාගෙන ඉන්නේ " කියලා ගෙදර ගිය එකා උණත්  නයිට් ඩියුටියට එන්නේ "අද නම් දෙමු පුතේ" කියාගෙන හරියට සිංහයෝ වගේ. අපි ප්ලාන්ට් එක හදන ගමන් තමයි ඇස්පෝල්ට් ගහන්න ගත්තේ. ඒ හින්දා ප්ලාන්ට් එකේ ඉදිකිරීම්  වැඩ කරපු අයම තමයි රෑට නයිට් ඩියුටිය අදින්නේ. ඊට පස්සේ පහුවෙනිදා ඉන්නත් ඕනේ හින්දා කට්ටිය සහයෝගයෙන් වැඩ බෙදාගෙන කරන්නේ. ඒත් සෙට් වෙන දවසට නම් ඒ සේරම අමතක කරලා එකාවන්ව ගහලා පහුවෙනිදා සෙට් එකම එකාවන්ව ඇස් ලොකු කරගෙන ඉන්නවා. මම ට්‍රේනින් එකට ආපු එකා හින්දා මට නයිට් ඩියුටියට යන්න ඕන නෑ. ඒත් චමරියට වෙලා ඉන්නවාට වඩා දුවිලි ගොඩේ හරි සෙට් එකත් එක්ක ඉන්න කැමති හින්දා මමත් නාලා කරලා ඉවර වෙලා ආපහු ජීප් එකට නගිනවා. 
මේ වගේ සෙට් වෙච්ච දවසක තමයි මේ කියන දේත් උණේ. එදාත් අපේ අය නැතිවෙන්න ගැහුවා. එදා මම හිතන්නේ වෙල්ෆෙයා එකෙන් ලොකු ගානක් ගලවපු දවසක්. කස්ටිය සෙට් වෙලා, සින්දු කියලා ආතල් අරන් ඉවර වෙන වෙලාවට ඔන්න ඇස්පෝල්ට් බැච් එකත් හරි වගේ. එදා අපේ TO අයියාට පොඩ්ඩක් වැඩි වගේ. පොඩ්ඩක් කිව්වට හොදටම වැඩි වගේ. බැච් එකක් ගහන්න ගත්තට පස්සේ ටිකක් කට්ටියම එහෙට මෙහෙට යනවා. ඉතිං ආතල් එක ඉවර වෙලා කට්ට පටන් ගන්න වෙලාවට මම කරන්නේ ජීප් එකට ගිහින් ඇලට් එකක් දාගෙන ඉන්න එක. කට්ටිය කොහොමත් මට ඒ වෙද්දී නිදා ගන්න කියනවා, මොකද පහුවෙනිදා උදේට ඔළුව උස්සාගන්න බැරි උණොත් ජාමේ බේරා ගන්න එකෙක් ඉන්න ඕනේ හින්දා. 
ඔන්න රෑ දෙකට විතර මාත් එක්ක රූම් එකේ ඉන්න එකා ජීප් එකේ දොරට තට්ටු කරලා අහනවා,
"මචන් උඹ TO අයියා දැක්කා?"  - මේ ද යනු කාරකය හැලීම ගැන කලින් වතාවක කිව්වා ද කොහෙද - මමත් නින්දෙන් නැගිටලා, 
"අඩේ දැක්කේ නම් නෑ බන්. මම එද්දී උඹලත් එක්ක හිටියනේ".
"නෑ බන් උඹ ගිහින් ටික වෙලාවකට පස්සේ මොනවද කිය කියා මේ පැත්තට ආවා වගේ දැක්කා. දැන් හොයා ගන්න බෑ. වරෙන් ටිකක් බලන්න යන්න"
මට ඉතිං මල එකේ හොදම එක. මොනවා කරන්නද කියලා ඉතිං නැගිටලා ගියා මාත්. මම යද්දී අනිත් අය වැඩ පටන් ගෙන. අපේ සෙට් එකේ සේරමයි, ලොරි කාරයෝ ටිකයි වැඩ කරන සේරමයි මිනිහාව හොයන මෙහෙයුමට බැහැලා. මුලු සයිට් එකම පීරලා බැලුවත් ලකුණක් වත් නෑ. අක්කර 3 ක් පට්ට කළුවරේ හොයනවා කියන්නේ ආයුබෝවන්ඩ සෙල්ලම් වැඩක් නෙවේනේ.

මේ පොඩි කෑල්ලක් විතරයි

 එතකොට තමයි අපේ මුර අංකල් කිව්වේ පාර පැත්තට වත් ගියාද දන්නේ නෑ කියලා. ඒක අහද්දී නම් මගේ ඇගත් හිරි වැටුණා. මොකද අපේ සයිට් එකට පාර වැටිලා තියන්නේ අර කලින් කියාපු අලි යන එන පාරේ. ඒක රෑට විතරක් නෙවේ දවල්ට උණත් පට්ට කළුවරයි.

සයිට් එකට යන පාර

කෙලින්ම යන්නේ කැලේ මැදින්

උදේ පාන්දර යද්දී අනන්තවත් අලි බෙටි පාර දිගට තියනවා. ඒ මදිවට රෑට වැඩ කරන්නේ නැති දවස් වලට ප්ලාන්ට් එක වටේ කැරකිලා යනවා කියලා මුර කරන්න එන අය දෙතුන් වතාවක්ම කියලත් තිබ්බා. අනික තමයි මේ TO අයියාගේ පවුලට පොඩි එකා හම්බෙලත් වැඩි කාලයක් නෑ. කාලකන්ණි කමට මගේ ඔළුවට එක පාරටම ආවේ ඒක. මුන් වීරයෝ වගේ බීලා පිස්සු නටනවා. දුක් විදින්න වෙන්නේ අර අසරණ මිනිස්සුන්ට.

අපි 7,8 දෙනෙක් පාර පැත්තට යන්න ලෑස්ති උණා. එතකොට ජීප් එකේ ඩ්‍රයිවර් අයියා,
"පයින් නම් යන්න එපා මහත්තයෝ. ආයේ තව කරදරයක් උණොත්. යමු සේරම ජීප් එකේ" කියලා අපිවත් දාගෙන ජීප් එක හරවලා ගත්තා. මේක කියවන කොට කට්ටියට හිතෙනවා ඇති මේක මහා බොරු හුඹස් බයක් නේ කියලා. ඇත්ත කතාව තමයි  ඒ පැත්තේ ඉන්න කවුරුවත් අලියා කියන්නේ විහිළුවට ගන්නේ නෑ. කවදාවත් වීරයෝ වෙන්න යන්නෙත් නෑ අලි ගාවදි. මඟ ඇරලා යනවා මිසක්.
ඉතිං අපි ජීප් එකේ පාරට යනකල්ම ගිහිල්ලා ආවා දෙපැත්තම බලාගෙන. ඒත් ඉන්න පුළුටක් වත් නෑ. ආපහු සයිට් එකට ජීප් එක හරවලා මොකක්ද කරන්නේ කියලා කට්ටිය කල්පනා කරා. නැති වෙච්ච මනුස්සයෙක් නේ. ඉතිං  හොයන්නේ නැතුව ඉන්නත් බෑ. ඒ හින්දා ඕන මඟුලක් වෙන්න කියලා අපි ආපහු පයින් ගිහින් තව පාරක් බලමු කියලා ටෝච් එකත් අරන් අපි සෙට් එක යන්න හැදුවේ පාර පැත්තට. එතකොට ඔන්න බැචින් ප්ලාන්ට් එක උඩ ඉදන් වැඩ කරන කෙනෙක් කෑ ගැහුවා, 
"මෙන්න මහත්තයා ඉන්නවෝ මේක උඩ" කියලා. 
ගිහින් බලද්දී ඇත්තටම මෙන්න හොදට මිනිහා අපතයා පොළවේ ගැහුවා වගේ නිදි. 
දැන් ඉතිං අහන්න පුළුවන් සේරම මොන අහවල් දේකටද මුලින්ම  ඒක උඩ හෙව්වේ නැත්තේ කියලා. පලවෙනි කාරණේ තමයි ඒකට නගිනවා  දවාලක  උණත් ඉනිමඟක නගිනවා වගේ පරිස්සමට නගින්න ඕනේ හින්දා .අනික තමයි බැච් ගහන්න පටන් ගත්තට පස්සේ ඒ පැත්තේ යන්න පුළුවන් වෙන්නේ අර ගිණි නිවන මිනිස්සු වගේ දඩාර ඇදුමක් දා ගෙන. දුවිලි වාකාරේ. ඒ හින්දා වැඩ කරන අය හැරෙන්න වෙන කිසිම කෙනෙක් ඇස්පෝල්ට් ගහන වෙලාවට යන්නේ නෑ ඒ හරියට. අර මනුස්සයා ගිහින් තියන්නෙත් වැඩ නවත්තපු වෙලේ ග්‍රීස් ටිකක් දාන්න. දුවිල්ල වගේම රත්වෙනවාත් වැඩි හින්දා නිතරම වගේ ග්‍රීස් දාන්න වෙනවා. ඒ දැක්කේ නැත්තම් අපිට TO අයියාව හම්බවෙන්නේ පහුවෙනිදා උදේ.

රතු පාටින් පෙන්නලා තියෙන්නේ නිදා ගන්න තැන

හොදම වැඩේ කියන්නේ අමාරුවෙන් නැගිට්ටවලා පහලට ගන්න යනකොට ඇඟ පුරාම දුවිලි නාගෙන හිටපු අයියා කියපු කතාව.
"මට හරි රස්නියයි වගේ දැනුනා බන්. ඒ හින්දා ටිකක් හුළං වදින්න මෙතනට ආවා. සනීපෙට එතනම වතිරුනා වගේ මතකයි. "

21 comments:

  1. ඔන්න ඔය මගුල දාන විදිය ගැන හරියටම ලියහං අපිට කියවන්න..

    ReplyDelete
    Replies
    1. මොනවාද ඇස්පෝල්ට් ද? එහෙනම් ඉස්සරහට ලියන්නම් කෝ ඒක ගැනත්.

      Delete
  2. යකා උඹව අල්ලලා පොළොවේ ගහන්න කලින් මේකේ අකුරු වල පාට වෙනස් කරහන්,කියවන්න් බා යකෝ මෙලෝ යකෙකුට ,කළු පාට කරපං මේ අකුරු

    ReplyDelete
    Replies
    1. මාත් ඕකම කිව්වා මීට කලිං.. කොයි ඉතිං දැං ඉන්න එකාලා වැඩිහිටියෙක් කියන දෙයක් කනකට ගන්න එකක් යෑ.. !

      Delete
    2. මල සේක කිව්වාලු. මම එදා හිතුවේ සේරම එකම පාට කරන්න කිව්වා කියලා. ඔන්න හැදුවා ඒ පාර

      Delete
  3. අරූ පුදුම තැනකනේ නිදාගෙන තියෙන්නේ...
    හැබැයි ඉතිං මටත් ඔය ලවක් දෙවක් නෑ... වැටිච්ච වැටිච්ච තැන් වල අපූරුවට නින්ද යනවා !

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා, මටත් එහෙමයි. නිදා ගන්න ගියාම කම්බිය උඩ උනත් කමක් නෑ. ලොකුම වැඩේ අරූට අතන දැනුණු සනීපය නේ

      Delete
  4. මමත් ඉස්සරහට මේ ෆීල්ඩ් එකට එයි ගොඩක් වෙලාවට .. සෑහෙන කට්ටක්ද මන්දා :(

    ReplyDelete
    Replies
    1. සිවිල් කියන්නේ කට්ටක් නම් තමයි සහෝ. ඒක නෑ කියන්නේ නෑ. හැබයි ඒ අතරේ තමන්ට පුළුවන් තමන්ගේ සතුට හොයා ගන්න. මැරීගෙන වැඩකරලා සල්ලි විතරක් පස්සේ යන්නත් පුළුවන්. නැතිනම් අතට සෑහෙන ගාණක් විතරක් අරගෙන නිවාඩුවේ ඉන්න පුළුවන් රස්සාවක් කරන්නත් පුළුවන්. මොනවා උණත් මහින්ද මාමා ඉන්න කල් රස්සාවක් තියනවා.

      Delete
  5. කැලේ ඇතුලට වෙලා මේ ගිනිගන්න අමනුස්ස සමාජෙන් වෙන් වෙලා ඉන්න එකත් ලොකු දෙයක් නේද. හැබැයි රස්නෙ ගැන ඇහුවමයි එපා වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මහියංගණය පැත්ත කියන්නේ ගොඩාක් කර්කශ පැත්තක්. ඒ උණාට ඒ පැත්තේ ඉන්න මිනිස්සු හරිම හොදයි. අපිත් එක්ක ඉන්න අයට වඩා සියදහස් වාරයක් හොදයි බන්

      Delete
  6. නිදාගත්ත තැන පට්ට....
    // ඇපල් ගෙඩියක් ගම්මිරිස් කුඩු දාලා// මේක මොන රසද කියලා මං කල්පනා කරේ.....:o

    ReplyDelete
    Replies
    1. දෙයියෝ සාක්කි ඇපල් ගෙඩියක් ගම්මිරිස් හරි මිරිස් කුඩු දාලා ලුණු එක්ක කාලා නැද්ද? වැඩක් නෑ වැඩක් නෑ. එකනේ කෑම. අර අමු කොළ පාට ගෙඩිය තමා යන්නේ ගින්දර වගේ

      Delete
    2. ඒකනම් නියමම කෑමක් ! අමු ඇපල් උයලා කාලා තියෙනවද ? ඇඹරැල්ලා වගේ .

      Delete
    3. උයන්න තරම් වෙලාවක් අපේ ගෙදර ඇපල් ඉතුරු වෙලා තිබිලා නෑ බං. හැබැයි මම අහලා තියනවා මාර රහයි කියලා

      Delete
  7. කොන්ක්‍රීට් එක්ක හැප්පුනේ නැති වුණාට මම නං ඇති තරම් කනවා බොනවා (වතුර හො‍ඳේ) ඔය රස්සාව නං කොල්ලන්ට තමයි හොඳ :)

    ReplyDelete
    Replies
    1. එහෙමත් කියන්නත් බෑ. අපේ බැච් එකේ මගේ යාලුවෝ දෙන්නෙක් මඩකලපුවේ ට්‍රේනින් ගිහිල්ලත් හිටියා. මම පිළිගන්නවා පිරිමි ළමයෙකුට වගේ ගැහැණු ළමයෙකුට අමාරුයි පරිසරයත් එක්ක ජිවත් වෙන්න. රළුයි ගොඩාක්. ඒත් අපේ සහෝදරියෝ ගොඩාක් දෙනා ඒකට මුහුණ දීලා තියනවා අති සාර්ථකව. ඒ හින්දා මේක ගැහැණු අයට ගැලපෙන්නේ නැති රස්සාවක් නම් නෙවෙයි කියලා මට හිතෙන්නේ.

      Delete
    2. මමත් ලියන්න ඕන මඩකලපුවේ ජීවිතය ගැන :)

      Delete
    3. අනිවා බන්, මම උඩ කිව්වේ ඔයාලා දෙන්න ගැන තමයි

      Delete
  8. වයිෆ් ට දරුවා හම්බෙලත් වැඩි දවසක් නැත්නම්, ඒ මනුස්සය හරිම පාලුවෙන් ඉන්න ඇත්තෙ සයිට් එකේ.. ඉතින් දෙකක් දා ගත්තම,
    "දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
    කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස"
    කියල, අහු වුනු තැන නිදා ගන්න ඇති :)

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ හිතලා තියන දුර.....

      Delete

CE ගේ සටහන් පොත තියෙන්නේ අනිත් අයටත් හිතෙන දෙයක් ලියලා යන්න